Loading..

කුහරයක ව්‍යුහය : Acreation Disc | Supermassive Black Hole




මේ ඔබ දකින්නේ කළු කුහරයක ව්‍යුහයයි. මේ වන විට විද්‍යාඥයින් අධ්‍යනය කර තිබෙන විදියට මන්දාකිණි මධ්‍යයේ පවතින Supermassive කළු කුහරයක් හෙවත් ක්‍රියාකාරී මන්දාකිණි න්‍යෂ්ටියක කොටස් පහත පින්තූරයෙන් පැහැදිලිවම දැක්වේ. මෙහි Acreation Disc ලෙසින් හදුන්වන්නේ කළු කුහරය වටා කක්ෂගත වන දුහුවිලි අංශුන් කළු කුහරයේ ගුරුත්ත්වය නිසා ආලෝකයේ වේගයෙන් එය වටා පරිබ්‍රමණය වීම නිසයි

මෙහිදී මෙම Disc එක මේ අයුරින් දිස්වූවත් එය නිරීක්ෂණය කරන දිශාවන් අනුව පෙනුම වෙනස් වේ. පහත පළවෙනි කොමෙන්ට් එකේ තිබෙන කළු කුහරය බලන්න. මැද Black Hole ලෙසින් නම් කර ඇත්තේ කළු කුහරය වන අතර කළු කුහරයට ඉහලින් සහ පහලින් විද්‍යුත් චුමබක තරංග jet ධාරාවන් ලෙසින් නිකුත් වීම දැකගත හැකිය. එම නිසා මෙවැනි කළු කුහරවලින් නිකුත් වන jet ධාරාවන්ගේ ප්‍රබලත්ත්වය මත ඒවාට ක්වෙසාර් ලෙසින්ද හදුන්වයි. නමුත් මේ සිදුවීම හැම කළු කුහරයකින්ම බලාපොරොත්තු විය නොහැක. අප මන්දාකිණියේ කළු කුහරය වන Sagittarius A* මේ ආකාරයේ jet ධාරාවන් නිකුත් නොකරයි. නමුත් කුඩා ප්‍රමාණයේ jet ධාරාවන් නිකුත් කරත් එය ක්‍රියාකාරී නොවේ.

මිට අමතරව x කිරණ නිකුත් කරන ස්ථානයක්ද දක්නට ලැබේ.

මතක තබාගන්න කළු කුහරයේත් කොටත් තිබෙනවා. මෙහි එය නම් කර නැහැ. එනම් Singularity සහ Event Horizon එකයි.


from Science Lab https://ift.tt/GK61i4L
via IFTTT
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...