Loading..

බළලුන් 900ක් බේරාගත් බල්ලා - Ginny


 

කාර්මික අනතුරකින් ආබාධිත තත්ත්වයට පත්වුනු පිලිප් ගොන්සාලෙස් ජීවත් වීමට ඇති උනන්දුව නැති වී ගියේය. මිතුරෙකු ඔහුට බල්ලෙකු හදා ගැනීමට යෝජනා කළේය. පසුව අකමැත්තෙන් වුවද වසරක් වයසැති බලු පැටියෙකු වූ "ජිනී" නම් බලු පැටියව හදාගන්නවා. 

Ginny කියන මේ බල්ලා, පූසොන්ට තියෙන දැඩි ආදරය නිසාම ප්‍රසිද්ධියට පත් වුන බල්ලෙක්. ඇය අයාලේ යන සහ රෝගී බළලුන් සොයා ගෙන බේරා ගැනීමට සහ අයිතිකාරයන්ට නැවත භාරදීමට පුරුදුව සිටියා. පසුව ඇගේ හිමිකරු පිලිප් ගොන්සාලෙස් Ginny යන නමින්ම බළලුන්ගේ අරමුදලක් පිහිටුවූ අතර Ginny සහ ඇගේ පදනමට ස්තූතිවන්ත බළලුන් 900 කට වඩා බේරා ගැනීමට ඔවුන්ට හැකි විය 1998 දී Westchester Felinology Club විසින් ඇයව "The dog of the year" ලෙද නම් කරන ලදී.
 

මෙයා ගැන ලියපු "The Dog who Rescues Cats: The True Story of Ginny" කියලා පොතකුත් තියෙනවා...🙃


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...