අපිනම් Sunglasses දාන්නේ ඇස් දෙක අව්වෙන් ආරක්ෂා කරගන්න එහෙමත් නැත්නම් ලස්සනටනේ. ඒත් මේ Sunglasses මුලින්ම හැදුවේ ලස්සනට දාන්නවත් ඇස් අව්වෙන් ආරක්ෂා කරන්නවත් නෙවෙයි.👀
ලෝකෙයේ මුලින්න්ම අව් කණ්ණාඩි භාවිතා කළා කියලා සඳහන් වෙන්නේ 12 වන සියවසේදී චීන ජාතිකයන් විසින්. ඒ කාලේ මේ අව් කණ්ණාඩි නිර්මාණය කලේ පැතලි ක්වාර්ට්ස් පාෂාණ භාවිතා කරලා. මේ විදිහට හදපු අව් කණ්ණාඩි මුලින්ම භාව්තා කරලා තියෙන්නෙ එකල ඉඳපු අධිකරණ විනිසුරුවරුන්, ඒ නඩු විභාග වලදී සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කරන අවස්ථා වලදී විනිසුරුවරයන්ගේ මුහුණෙ හැඟීම වසන් කරගැනීම සඳහායි. මුලදී මේ විදිහට භාවිතා වුන අව් කණ්ණාඩි පසුව 1930 වන විට ජනප්‍රිය විලාසිතාවක් වගේම අව්වෙන් ඇස් දෙක ආරක්ෂා කරගන්නත් පුලුවන් විදිහට ලොව පුරාම ජනප්‍රිය උනා. 🕶
Sunglasses දෙක දාලා ගැම්මට යන law කරන නම්කිලා...😂

