Loading..

පෘථිවිය විනාශ කරන්නට සැරසෙන අලුත් මහද්වීපය


 

පෘථිවියේ මහද්වීප 7ට අමතරව සාගරයේ පාවෙන තවත් විශාල මහද්වීපයක් තියෙන බව දැනගෙන හිටියද...?
හැබැයි වෙනසකට තියෙන්නේ මේක ප්ලාස්ටික් මහද්වීපයක්. Great Pacific Garbage Patch ලෙස හදුන්වන පැසිෆික් සාගරයේ පිහිටා ඇති මේ අතිවිශාල ප්ලාස්ටික් මහද්වීපය මේ විදිහට සාගරය මත නිර්මාණය වෙලා තියෙන්නේ වසර ගණනාවක් තිස්සේ ගංඟා, ඇළ දොළ හරහා මුහුදට එකතු වුන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වල ප්‍රතිඵලයක් විදිහටයි. 

ගණනය කිරීම් වලට අනුව ප්ලාස්ටික් ටොන් 80 000ක් පමණ අඩංගු වෙන මෙමෙ මහද්වීපයේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 1.6ක් පමණ වෙනවා. 1980දී පමණ සොයාගන්නා ලද මෙම ප්ලාස්ටික් මහද්වීපයට 1945 පමණ සිට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු වී ඇති අතර එය සෑම අවුරුදු 10කටම දහගුණයකින් පමණ ඉහළ ගිහින් තිබෙනවා. විද්‍යාඥයන් අනුමාණ කරන්නේ 2050 වන විට සාගරයේ ඇති මුළු ප්ලාස්ටික් කසළ වල බර සියලු සාගර මසුන්ගේ බරත් අභිබවා යා හැකි බවයි. 🫠

Ben 10 Ultimate Alien එකේ එක Episode එකක් තියෙනවා මේක ගැන, බලපු අය ඉන්නවත...🌚


أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.