Loading..

තරහට ෆෝන් එක කුඩු කරාට ෆෝන් කනවා කියලා අහලා තිබුණේ නෑනේ


 


මේ කතාව ඇහෙන්නෙ ඉන්දියාව පැත්තෙන්.ඉන්දියාවේ බින්ද් ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් අධික කෝපයට පත්වීම නිසා ඇයගේ ජංගම දුරකථනය ගිල දමා තිබෙනවා.

දුරකථනය ගිල දැමීමෙන් අනතුරුව පවුලේ සාමාජිකයින් විසින් දැරිය එම දිස්ත්‍රික්කයේ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඇයගේ තත්වය බරපතල වීම නිසා වෛද්‍යවරු ඇයව වෙනත් රෝහලක් වෙත යොමු කර තිබුණා.

පසුව පැයක පමණ කාලයක් සිදුකරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව වෛද්‍යවරුන් දැරියගේ උදරයෙන් දුරකථනය පිටතට ගෙන තිබෙනවා.

කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම හේතුවෙන් ඇගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී ඇති අතර දැරියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

ඉස්සරහට තව මොන වගේ කතා අහන්න ලැබෙයිද දන්නේ නෑ 😂



أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.