ඇවිදින මළමිනියන් ලෙස ඇවිදින මිනිසුන් ගැන ඔබ එක්වරක් හෝ අසා ඇති.ඉතිං චිත්‍රපට වල නිතරම දකින්න ලැබෙන මේ දේවල් වර්තමානයේ කොහොමටවත් වෙන්නෙ නැහැ කියලා ඔබ දන්නවා.
ඒත් ඔයාලා දන්නවද ඔයාලව සොම්බියන් කරන්න පුළුවන් දුර්ලභ රෝගයක් මේ ලෝකයේ තියෙනවා කියලා.
"Cotard's syndrome" ලෙස හදුන්වන මෙම දුර්ලභ රෝගයට පුළුවන් ඔයාව සොම්බියෙක් විදියට ක්‍රියා කරවන්න. Cotard's syndrome දුර්ලභ මානසික ආබාධයක් වන අතර එහිදී රෝගියාගේ මොළය විසින් ඔහු මියගොස් හෝ කුණු වී ඇති බව මෙන්ම තමන්ගේ අභ්‍යන්තර කොටස් අහිමි වී ඇති බවට මිත්‍යා විශ්වාසයක් රෝගියා තුළ ඇති කරනු ලබයි.
මේ විදියට මොවුන් තමන් අසළ සිටින මිනිසුන් තමන් මියගොස් හෝ කුණු වී ඇති බවට සිතීමට සලස්වන අතර සමහර රෝගීන් තම කුණු වී ඇති බව පවසා වළදමන ලෙස ඉල්ලා සිටියි.
ස්නායුක මනෝචිකිත්සක තත්ත්වයක් වන Cotard's syndrome රෝගයට තවමත් හේතුවක් සොයාගෙන නැත.

