Poison dart frog කියන නමින් හඳුන්වන්නේ ඇමසන් වනාන්තරයේ සැඟව සිටිනා මාරාන්තික ගෙඹි විශේෂයක්. දීප්තිමත් තැඹිලි වණැති දේහය සහ ළා නිල් පැහැති පාද වලින් මෙම ගෙඹි විශේෂය පහසුවෙන් වෙන් කර හඳුනා ගත හැක.
ඔවුන් මෙලෙසින් වර්ණැති වීමේ මූලිකම අරමුණ වන්නේ විලෝපිකයන්ගෙන් සිදුවන්නා වූ අවහිරතා මඟ හැර ගැනීමටය.
ප්‍රධාන වශයෙන් මධ්‍යම ඇමෙරිකානු කලාපයේ සහ දකුණු ඇමෙරිකානු කලාපයේ වැසි වනාන්තර තුළ මොවුන්ගේ ව්‍යාප්තිය දක්නට ලැබේ. ඇමසන් වනාන්තරයේ ජීවත් වන්නා වූ ගෝත්‍රිකයන් සිය ඊතල තුඩෙහි ගැල්වීමටත් යොදා ගන්නේ විෂ සහිත ගෙඹි සමයි.
Poison dart frog කෙනෙකුගේ වයස අවුරුදු 3-12 අතර පවතින අතර වර්තමානය වන විට නව ගෙඹි කාණ්ඩ 250 කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.

