Loading..

අවුරුදු 7 කට වරක් දර්ශනය වන දූපත


 


හයි බ්‍රසීල් දූපත 14 වැනි සියවස තරම් ඉපැරණි කාලයක සිට ලෝක සිතියම් වල සටහන් වෙලා තිබුණ අද්භූත දූපතක්. අයර්ලන්තයට ආසන්නව පිහිටා තියෙනවය කියපු මේ දූපත ගැන පුරාවෘත්ත එහෙමත් රාශියක්ම හැදිල තියනවා. ඒ සමහර කතා වලට අනුව මේ දූපත නිරන්තරයෙන් මීදුමෙන් වැහිලා තියන බවයි කියවෙන්නේ.
Ads Click

මේ දූපත පියවි ඇසට දර්ශනය වෙන්නේ අවුරුදු 7කට විතර පාරක්ලු. කොහොම වෙතත් ඈත අතීතයේදී අහම්බෙන් මේ දූපත ඇස ගැටුණු අයත්, මේ දූපතට ගොඩ බැස්ස අයත් ගැන නොයෙකුත් වාර්තා සටහන් වෙලා තියනවා. 1800 ගණන් වෙන තුරුම හයි බ්‍රසීල් දිවයින ලෝක සිතියම් වල ඇතුළත් වෙලා තියනවා.

කොහොම වෙතත් මේ වනතුරු හයි බ්‍රසීල් දූපතත් ඇත්තටම පවතින එකක්ය කියල පිලිගන්න තරම් සවිමත් සාක්ෂි හමුවෙලා නම් නැහැ.


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...