Loading..

අවුරුදු 2000ක් පරණ ඩේ ආර්යාවගේ සිරුර



Xin Zhui එහෙමත් නැත්තන් Lady day කියන්නේ පුරාණ චීනයේ ජීවත් වුණ ආර්යාවක් ඇගේ සොහොන් ගැඹේ තිබී ඇයගේ මළසිරුර හමු වන්නේ වසර 2000කට පසුවයි. පුදුමයට කරුණ නම් වසර දෙදහකට පසුව වුවත් ඇගේ මළසිරුර ඉතාමත් සුරක්ෂිතව පැවතීමයි . ඇයගේ කොණ්ඩය, ඇහි පිහාටු පමණක් නොව මළසිරුර සොයා ගන්නා විට ඇයගේ සියළුම ඉන්ද්‍රියන් ඒ ආකාරයෙන්ම තිබී තිබෙනවා එමෙන්ම නහර තුළ තිබී A වර්ගයේ රුධිරය සුළු ප්‍රමාණයක් පවා හමුව තිබෙනවා.
Ads Click


ඇයගේ උදරයේ තිබී කොමඩු ඇට කිහිපයක් හමු වීමත් සමඟ ඇය කොමඩු ඵල හට ගන්නා ග්‍රීෂ්ම ඝෘතුවේ මිය යන්නට ඇතැයි විද්‍යාඥයන් අනුමාන කරනවා. ඇය ඒ කොමඩු ඵලය ආහාරයට ගෙන පැය කීපයක් තුළ මරණයට පත්වන්නට ඇතැයි විද්‍යාඥයන් පවසනවා.

හැමෝම පුදුමයට පත්කරන කාරණය නම් ඇයගේ මළසිරුර බහා තිබූ ද්‍රාවණයයි , එය මැග්නීසියම් අඩංගු ආම්ලික ද්‍රාවණයක් බව විද්‍යාඥයන් පවසනවා. කෙසේ නමුත් මෙම ද්‍රාවණය නිශ්චිත වශයෙන්ම කුමක්ද යන්නට හඳුනා ගැනීමට මෙතෙක් කිසිවෙකු සමත් වී නොමැත.
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...