ජාතික වෘත්තීය සුදුසුකම” හෙවත් “NVQ” ක්රමවේදය------

(සටහන :අමිල මහවත්ත )
ADS:
රැකියා අපේක්ෂා කරන්නන් පුහුණු කර ඔවුන් පුහුණු ශ්රමිකයන් ලෙස රැකියා වෙළෙඳපොළට යොමු කිරීමේ අරමුණෙන් “තෘතීයික සහ වෘත්තීය අධ්යාපන කොමිෂන් සභාව” (TVEC) ස්ථාපිත කරන ලද ක්රමවේදය වන්නේ “ජාතික වෘත්තීය සුදුසුකම” (National Vocational Qualification/NVQ) ක්රියාවලියයි. විශේෂයෙන් ම අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් වූ වහා ම රැකියා අපේක්ෂා කරන්නන් පුහුණු කිරීම මෙම ක්රමයේ ප්රධාන ම අරමුණ වේ.
ජාතික වෘත්තීය සුදුසුකම තුළ මට්ටම් 7ක් පවතින අතර එකී මට්ටම් ප්රධාන වශයෙන් කොටස් 04කට වෙන් කළ හැකි ය. එනම්,
01. සහතික පත්ර මට්ටම (Certificate Level)
02. ඩිප්ලෝමා මට්ටම (Diploma Level)
03. උසස් ඩිප්ලෝමා මට්ටම (Higher Diploma/Higher National Diploma/HND)
04. උපාධි මට්ටම (Degree Level), යනුවෙනි.
ජාතික වෘත්තීය සුදුසුකමේ පළමු මට්ටම් 4 (NVQ 1, NVQ 2, NVQ 3, NVQ 4) සහතික පත්ර මට්ටමට අදාළ වේ. එහි 5වැනි මට්ටම (NVQ 5) ඩිප්ලෝමා තත්ත්වය වන අතර 6වැනි මට්ටම (NVQ 6) උසස් ඩිප්ලෝමා හෝ උසස් ජාතික ඩිප්ලෝමා තත්ත්වයට අදාළ වේ. මෙහි අවසන් මට්ටම හෙවත් 7වැනි මට්ටම (NVQ 7) උපාධි මට්ටම වේ.
එමෙන්ම 05වැනි මට්ටම (NVQ 5) හෙවත් ඩිප්ලෝමා මට්ටම සමත්වූවන් හට ශ්රී ලංකාවේ “වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලයට” (UNIVOTEC) හෝ වෙනත් විදේශ විශ්ව විද්යාලයකට ඇතුළත්වීමට ද අවස්ථාව හිමි වේ.
Post a Comment