ලොව විශාලතම ග්‍රහලෝකාගාරය වන ෂැංහයි තාරකා විද්‍යා කෞතුකාගාරය
ජනවාරි (17) විවෘත වුණා. වර්ග මීටර් 58,600ක වපසරියකින් යුත් මෙම කෞතුකාගාරය පිහිටා තිබෙන්නේ චීනයේ ෂැංහයි නියමු නිදහස් වෙළඳ කලාපයේ ලින් ගං විශේෂ ප්‍රදේශයේ.
ෂැංහයි විද්‍යා හා තාක්ෂණ කෞතුකාගාරයේ ශාඛාවක් වන ෂැංහයි තාරකා විද්‍යා කෞතුකාගාරය ඉදි කිරීමට ගත වුණේ වසර 5ක්.
කෞතුකාගාරයේ 8K අධි-විභේදන ගෝලාර්ධ රඟහල සහ විවිධ තේමාවන් සහිත ප්‍රදර්ශන කලාප තිබෙනවා.
සඳ සහ අඟහරු ඇතුළු ග්‍රහයන්ගෙන් එක්රැස් කළ උල්කාපාත 70 ක් පමණ සහ Isaac Newton, Galileo Galilei සහ Johannes Kepler වැනි විද්‍යාඥයන්ගේ මුල් කෘති ඇතුළු කෞතුක වස්තු 120කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරෙනවා.
මෙම ලොව විශාලතම ග්‍රහලෝකාගාරය තුළ අන්තර්ක්‍රියා හරහා තාරකා විද්‍යාව හා විද්‍යාව පිළිබඳ දැනුම් ලබා ගැනීමට නරඹන්නන්ට උපකාර කිරීම සඳහා දත්ත දෘශ්‍යකරණය, අතථ්‍ය යථාර්ථය සහ ජෛවමිතික වැනි තාක්ෂණ හඳුන්වා දෙනු ලබනවා.

