zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අපායේ දොරටුව

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 



අපායේ දොරටුව  

බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නිරයන් අතරින් ලෝකුඹු නිරය ගැන සඳහන් වෙද්දී,

එහි නිරන්තරව නැගෙන  ගිනිදැල් සහ එහි පැසෙන මිනිසුන් ගැන කියැවෙන අතර එය මනසේ මැවෙන්නේ යම් සේද මේ එවැනි නිරයක් හා සමාන තැනකි,

උඩින් සඳහන් කල "අපායේ දොරටුව" නැතහොත් The Door To Hell නම් Darwaza ස්වාභාවික ගෑස් යමහල.   මෙය නිරන්තර ගිනි ගනිමින් සක්‍රියව පවතින යමහලකි.

Porta dell, Inferno නමින්ද හඳුන්වන මෙම යමහල පිහිටා තියෙන්නේ  තුර්කිමෙනිස්ථානයේ Karakum කාන්තාරයේ  Ashgabat නගරයෙන් කිමි.260 එපිටින් පිහිටි Derweze නම් ග්‍රාමයේ.

මෙම යමහල මුළු  වර්ග ප්‍රමාණය වර්ග මීටර් 5350 සහ මෙහි වටප්‍රමාණය මීටර් 65, ගැඹුර මීටර් 30 පමණ වනවා.

මෙහි අඩංගු මීතෙන් වායුව පැතිර යාම වැලක්වීම සඳහා,භූ විද්‍යාඥයින් විසින් මෙය ගිනිගන්නට සැලස්වීම නිසා 1971 සිට මෙය ගිනිගනිමින් පවතිනවා.

දැනට කොපමණ ගෑස් ප්‍රමාණයක් ගිනිගෙන අවසන් ද කියා නිශ්චිතව සොයාගෙන නැති  අතර  තව කොතරම් කාලයක් මෙසේ එක දිගට ගිනිගනීවිද කියලත් නිශ්චිතව කියන්නත් බැහැ .


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!