Loading..

විකිරණශීලිතාවය නිසා අතහැර දැමූ නගරයක්

 

​ඔබ දන්නවාද ?

විකිරණශීලිතාවය නිසා අතහැර දැමූ නගරයක් පිළිබදව ,

1986 .04.26 දින
එවකට සෝවියට් සමුහාණ්ඩුව යටතේ පැවැති වර්තමාන යුක්‍රේනයේ, චර්නොබිල්හි පිහිටි න්‍යෂ්ටික බලාගාරයක් තුළ ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍යයක් දියවීම නිසා විශාල පිපිරීමක් සිදු විය.
එහි ගබඩා කර තිබූ විකිරණශීලි ද්‍රව්‍ය මුසු වූ වාතය, මෙම බලාගාරයේ සේවය කළ විද්‍යාඥයන් සහ කම්කරුවන් ජීවත් වූ නගරයක් වන ප්‍රිප්යාට් දෙසට හමා යන්නට විය.

ඒ වන විට එහි ජීවත් වූ 50,000කට ආසන්න පුද්ගලයන් සංඛ්‍යාවක් මුදා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් සිදු කළ කරන ලදි .
එමගින් ජීවිත හානි විශාල ප්‍රමාණයක් සිදු නොවූවත්, නගරයේ ජීවත් වූ අය විකිරණශීලි ද්‍රව්‍යවලට නිරාවරණය වීම හේතුවෙන් දිර්ඝකාලීන රෝගවලට ගොදුරු වූහ

මෙම සිදුවීමෙන් පසු රුසියානු බලධාරින් වහාම ප්‍රිප්යාට් නගරය මුද්‍රා තැබූ අතර එතැන් පටන් මේ දක්වා එය අත්හැර දමා ඇත.

එහි පිහිටා තිබූ සුඛෝපබෝගී ගොඩනැඟිලි, ක්‍රීඩා සංකීර්ණ සහ එළිමහන් උද්‍යාන ආදී සියල්ල මේ වන විට විනාශ වී ගොස් ඇත.

දැන් නගරයේ ඇති විකිරණ මට්ටම තරමක් දුරට අඩු වී ඇති බැවින් ගවේෂකයන්ට සහ එහි පදිංචි වී සිටි පුද්ගලයන්ට කෙටි වෙලාවක් සඳහා ඊට ඇතුළු වීමට අවසර දැන් ලැබේ.

කෙසේ වෙතත් ප්‍රිප්යාට් ජීවත් වීමට සුදුසු තත්ත්වයට පත් වීමට තවත් සියවස් ගණනාවක් ගත වනු ඇතැයි විද්‍යාඥයන් පවසා තිබේ.



أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...