Loading..

ගොන්ජිඅම් මානසික රෝහල

 

ගොන්ජිඅම් මානසික රෝහල

1995 දී දකුණු කොරියාවත් භීතියට පත් කරමින් gonjiam රෝහලේ හිටපු බොහෝ මානසික රෝගීන් අභිරහස් විදිහට මරණයට පත්වෙනවා.

මෙම සැක සහිත මරණයට පැහැදිලි හේතුවක් ඉදිරිපත් කිරීමට රෝහල් පරිපාලනයට නොහැකිවීමත් සමඟම 1996 දී දකුණු කොරියානු රාජ්‍ය මේ අභිරහස් මරණ ගැන හොයන්න පටන් ගන්නවා.

මේ කාලෙදි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා චෝදනා මගහරින්න ඇමරිකාවට පැන යනවා.

අදටත් මේ අභිරහස් මරණ වලට පැහැදිලි හේතුවක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා සී එන් එන් නාළිකාවෙන් ලෝකයේ බයානකම ස්තාන 10 අතරට මෙම gonjiam රෝහල නම් කරනවා. දැන් මෙම රෝහල ගරා වැටිලා, පාළුවට ගිහිල්ල තියෙන්නෙ.

2018 දී මේ කතාව පසුබිම් කරගෙන චිත්‍රපටයක් හැදුනට පස්සේ තමයි මේ ස්ථානය ලෝකප්‍රසිද්ධ වෙන්නේ. අද වෙනකොට මේ අද්භූත රෝහල බලන්න ලෝකයේ නන් දෙසින් සංචාරකයෝ පැමිණෙනවා.

සංචාරකයන්ගෙන් ගොඩක් දෙනෙක් කියපු කතාවක් තමයි මේ රෝහලේ අද්භූත දසුන් හා හඬවල් ඇසෙන බව.


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...