මේ වෙද්දි ඇමෙරිකාවේ නුදුරේදීම එල්ලවිය හැකි පිටසක්වල ආක්‍රමණයක් ගැන විකාර කතාබහක් ඇතිවෙලා තියෙනවා.
පෙබරවාරි 4දා ඇමෙරිකාවේදි චීනයේ ඔත්තු බලන බැලුනයක් බිමහෙලුවට සතියකට පස්සෙ පෙබරවාරි 10 ඇලස්කාවේදි නිලවශයෙන් හඳුනානොගත් රේඩාර්වලට හසුවූ ආකාශ වස්තුවක් ඇමෙරිකන් හමුදාව තහවුරු කරනවා.
ඊටපස්සේ මේ පෙබරවාරි 11 ඇලස්කා කැනඩා බෝඩරේදි සිලින්ඩරාකාර අමුතු ආකාශ වස්තුවක් ඇමෙරිකන් ප්‍රහාරක යානා වෙඩිතියලා බිමහෙලනවා.
ජස්ටින් ටෲඩෝ සහ ජෝ බයිඩන් මේ ගැන නිවේදනයක් නිකුත්කරමින් මේ යානයේ සම්භවය පිළිබඳව තාම හොයනවා කියනවා.
ඔන්න ඊටපස්සේ පෙබරවාරි 12 චීනෙට ඉහලින් අභිරහස් ආකාශ වස්තුවක් දර්ශනය වෙනවා.
එදාම ඇමෙරිකාවේ හියුරොන් විලට ඉහල අහසේ හඳුනානොගත් වස්තුවකට ප්‍රහාර එල්ලකරපු බව ඇමෙරිකන් රජය ප්‍රකාශ කරනවා.මොකක්ද මේ වෙන්නේ?
එක්කෝ ලෝක රජයන් මිනිස්සුන්ව distract කරන්න කැළනි නයා වගේ නාඩගමක් නටනව.
නැත්තන් independance day ෆිලුම තමා 😂 2023 ත් ආතල් වගේ..පිටසක්වලයෝ විතරයි මදි උනේ

