Loading..

ලොව ළාබාලතම මව, අවුරුදු 5 යි


 🟢 ලොව ළාබාලතම මව, අවුරුදු 5 යි.😱


අවුරුදු පහක් වයසැති ලීනා මෙඩීනාව ඇයගේ මව රෝහල වෙත ගෙන ආවේ ඇයගේ උදරයේ ඉදිමීමක් හේතුවෙනි.

රෝහලේදී කල පරීක්ෂණ මගින් පැහැදිලි වූයේ ලීනා මාස 8ක ගැබිනි මවක් බවයි. ඉන් මාස එකහමාරකට පසු ඇය පුංචි පුතෙකු මෙලොවට බිහි කලේය.

සාමාන්‍ය ගැහැනු ළමයෙකු වැඩි වියට පත් වන්නේ අවුරුදු 10 පමන වයසේදීයි. පිරිමි ළමයෙකු නම් අවුරුදු 11ත් 12 අතරෙදි වැඩි වියට පත් වේ.

කෙසේ නමුත් ඉතා කලාතුරකින් ඇති වන තත්වයක් වන precocious puberty ඇති ළමයෙකු අවුරුදු 7 දී පමන වැඩි වියට පත් වේ. ලීනා අවුරුදු  2 ½ පමන වයසේදී වැඩි වියට පත් විය.

ලීනාගේ පුතාට ජෙරාඩෝ ලෙසින් නම් තැබූ අතර, ලීනා සහ ජෙරාඩෝ අක්කා සහ මල්ලී ලෙස හැදී වැඩුනි. කෙසේ නමුත් අවුරුදු 10ක් වූ ජෙරාඩෝට අවසානයේ සත්‍ය දැන ගැනීමට හැකි විය. ඒ ලීනා ඔහුගේ අක්කා නොව අම්මා බවයි.

ලීනා කිසිම දිනක ජෙරාඩෝගේ පියා කවුද යැයි එලි කලේ නැත. පේරු රාජ්‍යයේ රතු ඉන්දියානුවන් විවිද සැනෙකෙලි පවත්වන අතර ඇතැමුන් පවසන අන්දමට මේවා අවසන් වන්නේ ලිංගික අපයෝජන වලිනි.



Previous Next

Top Post Ad


නවතම ලිපි...