Loading..

Computer එක ON කරන්න OFF කරන්න Commands 4ක්


 Computer එක ON කරන්න OFF කරන්න Commands 4ක් 😌🌿


ඉතින් ඔයා දන්නවනේ අපිට Computer එකේ Shutdown, Power Off වගේ Options ටිකක් තියෙනවා කියලා. ඉතින් ඔයාට ඔයාගේ Computer එක OFF කරන්න ඕනේ නම් Computer Screen එකේ උඩ දකුණු කෙලවරට ගිහින් Option මෙනු එක ඔපෙන් කරලා Shutdown කරන්න පුළුවන්. ඉතින් මේ වගේ Shutdown කරන එක Computer එක HLT කරන එක Terminal එකෙන් කරන විදිහ තමයි අපි අද බලන්න යන්නේ.

එහෙනම් තවත් බලාගෙන ඉන්නේ නැතුව අපි පටන් ගමු.


01. Computer එක Shutdown කරමු. 🚦

shutdown command එකේ Usage Syntax එක වෙන්නේ.

shutdown [option] [time] [message]


Computer එකට බල කරලා ඉක්මනට Shutdown කරන්න,

shutdown -h now


Command එක පාවිච්චි කරන්න.


shutdown -h +5 "Shutdown..."


  එකේ මෙතන +5 කියන්නේ විනාඩි 5යි කියන එක. මේ Command එකෙන් කරන්නේ ඊලග විනාඩි පහ ඇතුලත Computer එක Off කරන එක.

Computer එක Normal විදිහට Shutdown කරන්න,

shutdown


Command එක Terminal එකේ ගහන්න. ඊට පස්සේ Enter එකක් දෙන්න. ඔන්න දැන් ඔයාගේ Computer එක Shutdown වෙයි.

අයේ shutdown වෙන එක Cancel කරන්න,

shutdown -c


Command එක ගහලා Enter කරන්න...

02. Computer එක Restart කරමු. 🚦

Computer එක Restart කරන්න,

reboot


Command එක Terminal එකේ ගහන්න. ඊට පස්සේ Enter එකක් දෙන්න. ඔන්න දැන් ඔයාගේ Computer එක Restart වෙයි.

Computer එක බල කරලා Restart කරන්න.

reboot -f


Command එක පාවිච්චි කරන්න.


03. Computer එක Power off කරන්න. 🚦

Computer එක Power off කරන්න,

poweroff


Command එක Terminal එකේ ගහන්න. ඊට පස්සේ Enter එකක් දෙන්න. ඔන්න දැන් ඔයාගේ Computer එක Power off වෙයි.

04. Computer එක HLT කරන්න. 🚦

මේ Command එකෙන් Computer එක එක සැරේ OFF වෙලා යනවා. හරියට අකුණක් ගැහුවා වගේ. මම මේ Command එක ඔයාලට පාවිච්චි කරන්න නිර්දේශ කරන්නේ නෑ.

මොකද මේ Command එක හින්ද ඔයාගේ Computer එකේ එක එක අවුල් යන්න පුළුවන්.

Computer එක HLT කරන්න,

hlt


Command එක Terminal එකේ ගහන්න. ඊට පස්සේ Enter එකක් දෙන්න. ඔන්න දැන් ඔයාගේ Computer එක hlt වෙයි.

📈 Source -  Internet 


Copyright
©
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...