zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සියදිවි නසාගැනීමට ප්‍රසිද්ධියක් උසුලන ජපානයේ වනාන්තරයක් වන ඔකිගහරා වනාන්තරය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 අද අරගෙන ආවේ සියදිවි නසාගැනීමට ප්‍රසිද්ධියක් උසුලන ජපානයේ වනාන්තරයක් වන ඔකිගහරා වනාන්තරය ගැන.


ඉතින් මේ වනාන්තරය පිහිටලා තියෙන්නෙ ජපානයේ හොන්ෂු දිවයිනේ මිසාකා කන්දෙයි.

ඔකිගහරා වනාන්තරය අක්කර 7400 ක් පුරාවට විහිදෙන විශාල වනාන්තරයකි.

මෙය ආරම්භ වන්නේ ෆූජි කදුවැටියට වයඹ දෙසින් ඇති යමනෂි ප්‍රාන්තයේ සයිකෝ නමින් හැදින්වෙන විල ආසන්නයෙන් වන අතර වනාන්තරයට ඇතුළුවෙන ස්ථානයේ පුවරුවක සඳහන් වන්නේ.

"ජීවිතය ඔබේ දෙමාපියන් ඔබට දුන් වටිනා දායාදයක්.දිවි තොර කර ගැනීමේ ඒකායන අභිලාෂයෙන් මේ වන පෙතට පිවිසි ඔබටයි මේ සංවේදී ආයාචනය.

වන වදුලේ සිසිලසින් ප්‍රමුදිතව, දැඩි ආත්ම විශ්වාසයක් වඩවාගෙන නොපමාව යළි නිවසට පියමන් කරනු මැන"යන්නයි.


ඉතින් මේ වගේ පුවරුවක් ගහලා තියනකොට මේ වනාන්තරයට කොපමණ පිරිසක් සියදිවි නසාගැනීමට පැමිණෙනවාදැයි හිතාගන්න පුලුවන්නේ.

ඒ වගේම තමා මෙයට ඇතුලු වන ස්තානයේ රථ ගාල දෙස විමසිලිමත්ව බැලුවහොත් දැක ගත හැකි වන්නේ බොහෝ කාලයකට පෙර නවතා දැමූ වල් වැදී ගිය මෝටර් බයික්, පාපැදි වගේම මෝටර් රථයි.

ඒ කාලයකට පෙර තම ජීවිතය අහිමි කර ගැනීමේ අරමුණෙන් පැමිණ එය සාක්ෂාත් කර ගත්තවූවන්ගේ රථ වහානයි.

ඒ වගේම තමා මේ වනාන්තරයේ සැරිසරන පුද්ගලයන් හට සමහර ස්තාන වල දැක ගත හැකි වන්නේ කාඩ්බෝඩ් කැබලි වල තමන්ගේ දුක ගීත වලට හරවා එය සියල්ලන්ටම දැකගත හැකි වන පරිදි පොලිතීන් වලින් ආවරණය කොට ගස් වල එල්ලා තමන්ද ඒ අසලම සිය දිවි නසාගෙන ඇති අයුරුයි.

සංචාරකයන් පවසන්නේ එම සිය දිවි තොර ගත්තන්ගේ සිරුරු දැනටත් එම ස්තාන වල නිසොල්මනේ තිබෙන්නට හැර ඇති බවයි.

වසරකට මෙම වනාන්තරයෙන් සිය දිවි නසාගත්තවූවන්ගේ සිරුරු 30-80 පමණ ප්‍රමාණයක් හමු වන බවත් පැවසෙනවා.

මේ හේතුව නිසාවෙන්ම වනාන්තරයේ හැකි සෑම තැනකම පාහේ ජීවිතයේ වටිනාකම කියාදෙන වදන් සහිත පුවරු සවි කර ඇති බව පවසනවා.

ඒ වගේම මේ වනාන්තරය අසල ගැමියන්ද කව්රුන් හෝ පුද්ගලයෙකු මේ වනයට තනියෙන් ගමන් කරන බව දුටුවොත් ඔහු සමග කතා කර ඔහුගෙන් ප්‍රශ්න ඇසීමටද අමතක කරන්නේ නැති බවයි සදහන් වෙන්නේ.

ඒ වගේම තමා මේ වනාන්තරයේ මාලිමා හෝ ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියා නොකරන බවද සදහන් වනවා.


ඉතාමත් අදුරු ස්වභාවයක් ගන්නා මෙම වනපෙත අමනුෂ්‍ය බලවේගයන්ගේ රජදහනක් බවත් ජපන් ජාතිකයන් හිස් මුදුනෙන්ම පිලිගන්නා වගේම විශ්වාස කරන දෙයක්.

ජපන් ජාතියකයන් පවසන අන්දමට මේ වනාන්තරයට සිය දිවි නසාගන්නවුන් ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ "යූරි" නැමති යක්ෂණියක් බවයි.

ජනප්‍රවාද වල පවසන්නේ මෙම වනාන්තරයට ඇතුලු වන කිසිවෙකු මෙම භූතාත්මයෙන් ගැලවී නැවත නොපැමිණෙන බවයි.

සුදු කිමෝනාවක් පැලඳ හිස කෙස් විසුරුවාගෙන මේ වනාන්තරය පුරා සැරිසරන මේ යක්ෂණිය මිනිසුන් බිලිගන්නා බවයි සදහන් වෙන්නේ.

ඇතැම් සංචාරකයින් පවසන්නේ වනාන්තරයේ ‍රාත්‍රීයේ කදවුරු බැදගෙන සිටින අවස්තාවන් වලදී  මේ යක්ෂණිය දැක ඇති බවයි.

ඒ වගේම 1751  පමණ කාලයේදී ජපන් සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පියෙක් වන මරුයාමා නම් පුද්ගලයා විසින් මේ යක්ෂණියගේ රුවක් සිතුවමට නගා තිබෙනවා.

එය ජපානයේ ටෝකියෝ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා...

               කෙසේ නමුත් මේ වනාන්තරයට අදටත් ලෝකයේ අභිරහස් ස්තාන අතරින් ඉහලින්ම වැජඹෙන ස්තානයක් බවයි සදහන් වෙන්නේ
.

© e-Library Ceylon Community™
   

   [ සන්නාම නාමය නොමැතිව උපුටා ප්‍රචාරන කටයුතු සපූරා තහනම්]

   💥   ඔබ විශ්වය පුරා සිසාරා දැනුම ලබා ගන්න ලොව නොදත් කරුණු කෙටියෙන් පැහැදිලි කිරීම්  සහිතව දැන ගන්න අරුම පුදුම ලෝකයේ විශ්මය ඔබට කියාපාන්න අප සූදානම්. එක් වන්න අප සමූහය සමඟ.


 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!