ජනවාරි 3 වනදා සුර්යා මත සිදුවූ පිපිරීමක්..💥
සුර්යා මත සිදුවන මෙවැනි බලවත් පිපිරීම් Coronal Mass Ejection (CME) ලෙස හදුනවනවා. ⚡️
පසුගිය දා විද්‍යාඥයන් නිරීක්ෂණය කරන ලද පැය හයක් පුරා සිදුවූ සූර්ය දැල්ලක්(Solar Flare) සමඟින් මෙම CME පිපිරිම නිරීක්ෂණය කරනු ලැබුවා.🔥
සුර්යා ක්‍රියාකාරී මට්ටමේ පවතින අවස්ථාවන් වල මෙවැනි පිප්රීම් දිනකට කිහිප වතාවක් සිදුවන අතර සාමාන්‍ය කාල තුලදී දින කිහිපයකට වතාවක් දක්නට ලැබෙනවා.☀️
CME තුලින් සැලකිය යුතු ප්‍රමාණයේ ප්ලාස්මා ප්‍රමාණයක් සුර්යාගේ පිටත වායුගෝලය තුලින් අවකාශයට එක්වනවා. මෙම ප්ලාස්මා අංශු පෘතුවි දෙසට එල්ල වී පවතින්නේ නම් දින කිහිපයක් තුලදී පෘතුවිය කරා ලගා වනවා. එවැනි ආරෝපිත අංශු මගින් පෘතුවියෙ ධ්‍රැව ආසන්නව සිදුවන Aurora ඇතිවනවා. එසේම පෘතුවිය පුරා විදුලි විසන්ධිවීම්, චන්ද්‍රිකා සහ GPS සංඥා වලට බාධා ඇතිවීම්ද සිදුවිය හැකියි.✨
මිනිත්තු කිහිපයක් තුල පෘතුවිය කරා ලගාවිය හැකි සූර්ය ගිනිදැල්(Solar Flares) වලට පෘතුවිය මත ගුවන් විදුලි සංඥා ක්‍රියා විරහිත කල හැකියි.🌎
