මානව ඉතිහාසයේ පළමු වතාවට විද්‍යාඥයින්ට මිනිසුන්ගේ මොළයේ සංකීර්ණ සිතිවිලි හඳුනාගෙන ඒවා වචන බවට පත්කිරීමට හැකිවී ඇත.
ඒ අනුව වසර 20කට වඩා අංශභාග තත්වයෙන් පෙළුණු Pancho නම් පුද්ගලයෙක්ව, ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් පරීක්ෂණයකට භාජනය කර, ඔහුගේ හිසේ සවිකර ඇති විශේෂ උපකරණයක් හරහා ඔහු සිතන සිතිවිලි පරිගණකයක වචන ආකාරයෙන් නිරූපණය කිරීමට සමත්වන ලදි.
ඒ අනුව අනාගතයේදී අපට මෙන්ම කතා කිරීමේ අපහසුතා ඇති පුද්ගලයින්ටද අවශ්‍ය දේ සිතීමෙන් පමණක් අදහස් හුවමාරු කරගැනීමට හැකිවනු ඇත.

