ජීවිතය..
August 15, 2022
බීච් එකෙ බංකු ලෑල්ල උඩ වාඩි වෙලා මුහුද දිහා බලන් කල්පනා කලෙ මං ; මං ගැනම...
පහුගිය අවුරුදු කීපය ඇතුලත සිද්ද වුන දේවල්....ඒවා හිතාගන්නත් බෑ...
මුහුදු හුලගයි..මුහුදු රැල්ලෙ ඝෝෂාකාරී බවයි මට දැන් පුරුද්දක් වෙලා...
අත්වැල් පටලන් යන තාම පොඩි වයසෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි දැකලා මගෙ හිත දිව්වෙ ඒ අතීතෙට....
"අනෙ ඉතින් සුනිමල්...මන් ඔයාගෙනෙ අනේ...වෙන කාගෙද..."
"මන් ඒක දන්නවා රසිකා..."
ඒ මන් AL ලියලා ඉවර වෙලා ගෙදර ඉදපු කාලෙ...උපතින්ම හිමි ඇත් දළ පාටයි...දිගුකලු ඝනකම කොන්ඩෙයි...රෝසපාට තොල්පෙති මට ගෙනාවෙ බොහොම අපූරු රූපයක්...ඒ දවස් වල කොල්ලො අතර මන් ගොඩාක් ප්‍රසිද්ධයි...ඒත් ඉතින් මගෙ හිත ගත්තු හොරා තමා සුනිමල්...
AL නැටුම් කරපු මගෙ ජීවිතේම වුනෙමත් නැටුම්ම තමයි...අපි පුරුද්දට වගෙත් හැමදාම නැටුම් පන්ති ගියා...
ඔය කාලෙ නැටුම් පුරුදු කරන්න පන්තියට ආවෙ හරිම ලස්සන සර් කෙනෙක් ...තාමත් ඒ ඇස් මගෙ ඉස්සරහ මැවී මැවී පේනවා...මගෙ ජීවිතෙ වැරදුන තැන......
කොහෙ ගියත් මාව කැපිලා පෙවුනෙ මගෙ ලස්සන හින්දයි...ඒත් මන් අදටත් සාප කරන එකම දේ...ඒ මගෙ ලස්සන ...ජීවිතෙ හැමදේම නැති වුන තැන...
සර්ගෙ ආකර්ශනෙත් එක්ක මාත් හැමදාම වගෙ නැටුම් පන්ති ගියෙ සර්ව බලන්න කීවොත් හරි...සුනිමල්ටත් හොරෙන් මන් සර්ට ළං වුනෙ සර්ගෙ කඩවසම් බව හින්දා වෙන්නැති.....
ටිකෙන් ටික අපි ගොඩාක් ළං වුනා...මගෙයි සුනිමල්ගෙයි සම්බන්දෙ සර් දැනන් හිටියා වගේම සුනිමලුත් මේ දේවල් දැනගන්න වැඩි කාලයක් ගියෙ නෑ ..
"ඔයාට මගෙ ආදරෙ මදි වුනාද රසිකා...කමක් නෑ ..ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න මගෙ මැණික..."
ඒ වෙලාවෙ ඒ දේවල් මන් ගනන් ගත්තෙ නැති වුනත් අදටත් මගෙ කන් ඇතුලෙ ඒ වචන දෝංකාර දෙනවා..
සර්ගෙයි මගෙයි සම්බන්දෙ දුරදිග ගියෙ මගෙ බඩට සර්ගෙන් ලමයෙක් එද්දි....
මේ දේවල් සර්ට කීවත්
"මන් දන්නවද ඔය මගෙ ලමයෙක් කියලා ...සුනිමල් කියලා එකෙක් එක්කත් නටපු නාඩගම් මන් දන්නවා..."
ජීවිතෙ නැති කරගන්න හිතපු වාර අනන්තයි...
මේ සිද්දියෙන් පස්සෙ මෙහෙන් සර් ගියා...දිගටම සර්ගෙ ඇඩ්‍රස් එකට ලියුම් ලිව්වා මම...
ඒත් ගෙදර අය මේ දේවල් දැනගත්තෙ කොහොමද කියන්න මන් අදටත් දන්නෑ ..
ටිකෙන් ටික මෝරන කුස දිහා බලාගෙන...මන් ඉදියෙ ඇඬූ කඳුලින්...අම්මයි තාත්තයි එහෙන් බනිනවා....පාරෙ බැහැලා යන්න බෑ ...
ඔය අස්සෙ AL රිසාල්ට් ආවා...කැම්පස් යන්න පුලුවන් වුනෙ මගෙ වාසනාවකට ...හිත හදාගන්න පුලුවන් එකම සිද්දිය වුනෙත් ඒක...
"දරුවව කාට හරි දෙමු හදාගන්න....අපි කෝමද තව එකෙක්ට කන්න අඳින්න දෙන්නෙ?"
අම්මා කියනවා ඇහුනා....ඒත් දැන් මගෙ ජීවිතෙ පණ ඩිංග....අම්මා එක්ක රන්ඩු මන්
දරුවා ඉපදුනාට පස්සෙ දවසක මන් නින්දෙන් ඇහැරෙද්දි ලමයා මන් ළඟ නෑ ...
"අනේ දෙයියනෙ...මගෙ දරුවා...."මුලු ගමටම ඒ විලාපෙ ඇහෙන්නැති...
අම්මා දරුවව දීලා
ජීවිතෙ අරමුණක් කියන දෙයක් නෑ මට....
කැම්පස් යන්න අමාරුවෙන් හරිහිත හදාගත්තෙ අම්මට තාත්තට බරක් වෙන්න බැරි හින්දා...කෝමහරි මගෙ ලස්සනෙ අඩුවක් වුනේනම් නෑ
කැම්පස් එකේදි මට හම්බුන කෙනා තමා විජෙ....හරිම කඩවසම්...ඒ වගේම සල්ලි..
පිස්සෙක් වගෙ මගෙ පස්සෙන් ආවෙ...මගෙ යාලුවා ඒ වෙනකොටත් හැමදේම කියලයි තිබ්බෙ...මන් හිතුවෙ එතකොටත් මාව අතාරියි කියලා
"මන් ඒ වගෙ මිනිහෙක් නෙවෙයි...රසිකා තාමත් ලස්සනයි .."
මේ දේවල් හින්දා මන් විජේව විශ්වාස කලා...ඒ සම්බන්දෙ ගෙදරටත් කියලා වෙඩින් එක හොඳට ගත්තා.....හැබැයි මට කැම්පස් යන එක නතර කරන්න වුනා....
අපි ගොඩක් සතුටින් ඉදියා...ඔය කාලෙ මගෙ බඩට දරුවෙක් ආවා...ඉතින් තවත් සතුටින් ඉදියා...කිසිම අඩුපාඩුවක් වුනෙ නෑ ..
දරුවත් ඉපදුනා...ලස්සන කොලු පැටියෙක්...මට මතක් වුනෙ මගෙ මුල්ම දරුවව...කොහේ ඉන්නවා ඇත්ද...?
ටික කාලයක් යද්දි විජෙ වෙනස් වුනෙ එකපාරටම ...
ගෙදර ආවෙ නෑ ...රන්ඩු ...කතා කරන්නෑ මාත් එක්ක...
දවසක් ගෑනු කෙනෙක්ව එක්කන් ආවා ගෙදර ...
"මට ඩිවෝස් එක ඕන....දරුවව මන් හදාගන්නම්.."
මොකක්...මගෙ ඔලුවට අකුණක් ගැහුවා වගෙ...දෙයියනෙ...මොකක් ද මේ මටවෙන්නෙ...
ඒ ගෑනි අපෙ ගෙදර නතර වුනා..මාත් එක්ක කතාවක් නැති විජෙ ඒ ගෑනි ළඟ හුරතල් වුනෙ පොඩි එකෙක් වගෙ...මේ දේවල් බලන් ඉන්න බැරි හින්දම මන් ඩිවෝස් එක දුන්නා..
පපුව පැලිලා මැරෙන්න තරම් දුක...ඇයි දෙයියනෙ මටම මේම වෙන්නෙ...අම්මලා මාව ගෙදර එක්කන් ආවා....පිස්සු වගෙ මට....බේත් ගන්න වුනා මට
අනෙ මගෙ දරුවො දෙන්නා...අම්මා කෙනෙක් වෙන්න බැයිද මට...එහෙන් රස්සාවක් නෑ මට මේ ලමයව හදාගන්න....අනිත් දරුවා කොහෙද කියලවත් මන් දන්නෑ ...
විජේ දරුවට කිසි අඩුවක් කරන්නෑ කියලා ආරන්චි වුනා...හිතෙ සැනසීම ඒකමයි....
අම්මලට බරන් වෙන්න බැරි හින්දයි කොළඹ ආවෙ...දැන් බීච් සයිඩ් හොටෙල් එකක වැඩ...
තාමත් පිරිමි මගෙ වටෙ කැරකෙනවා....ඒ ලස්සන තාම එහෙම්මයි....
ඒත් සමාජෙ ගැන තේරුම් ගන්න මට දැන් පුලුවන් ....
ජීවිතෙ කියන්නෙ හරි පුදුම දෙයක්....සමහර විට සුනිමල්ට දුන්න ගින්දර වෙන්නැති මට මේ ලැබෙන්නෙ....කරපු වංචාවෙ පළිය ගෙවනවා ඇති ...
මුහුද දිහා බලන් කල්පනා කරන්න ගත්තම මන් අන්තිමේදී නතර වුනෙ අඬලා..
"රසිකා...ලමයො....එන්න දැන් ඇතුලට....රෑ වෙලා.."
හොටෙල් එකෙ ඇන්ටි...අම්මා වගේම ආදරෙන් මාව බලාගන්න කෙනා...
ඉතින් ජීවිතෙ කියන්නෙ පුදුමාකාර දෙයක්...මේ අයිති වෙන දේ මේ නැති වෙනවා....ඉතින් මන් අදටත් හිතන්නෙ සුනිමල්ට දුන්න දුක මට මේ ආපහු ලැබෙන්නෙ කියලා ..
............නිමි.................
මන් චතූ❤️

