Loading..

බුදු දහම සහ Quantum Physics

 



වර්තමාන ලෝකයේ තියෙන වඩාත්ම සංකීර්ණ විද්‍යාව තමයි Quantum Physics. ඒත් පුදුමය තමයි මේ ගැන විද්‍යාඥයන් පර්යේෂණ රැසක් කරලා හොයාගන්න දේවල් මීට අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය එක්ක සෘජුවම බද්ධ වීම!
ඒ වගේ කාරණා 3ක් ගැන කෙටියෙන් බලමු. 

1️  පදාර්ථය මායාවක්ද?


ක්වොන්ටම් විද්‍යාවේ කියන්නේ අපිට පේන කිසිම ඝන වස්තුවක් ස්ථිර නැහැ, ඒවා හැදිලා තියෙන පරමාණු හැම ක්ෂණිකයකම ඇති වෙමින් නැති වෙමින් කම්පනය වෙනවා කියලා.


  බුදුන් වහන්සේ අභිධර්මයේදී දේශනා කළා විශ්වයේ ඕනෑම ඝන දෙයක් සෑදී ඇත්තේ "රූප කලාප" වලින් කියලා. මේවා තත්පරයක් තුළ කෝටි ප්‍රකෝටි වාරයක් ඇති වෙමින් නැති වෙන ශක්ති විශේෂයක් පමණක් බව උන්වහන්සේ පෙන්වා දුන්නා.


2️  සිතුවිලි වලින් ලෝකය වෙනස් කිරීම (The Observer Effect)


විද්‍යාඥයන් අත්හදා බැලීම් (Double-slit experiment) මඟින් සොයාගෙන තියෙනවා අපේ අවධානය හෝ නිරීක්ෂණය මත ක්වොන්ටම් අංශුවල හැසිරීම වෙනස් වන බව.


  ධම්මපදයේ පළමු ගාථාවෙන්ම බුදු හිමි දේශනා කළේ "මනෝපුබ්බංගමා ධම්මා - මනෝසෙට්ඨා මනෝමයා" කියලා. එනම් මුළු විශ්වයම සිත පෙරටු කොට පවතින බවයි. බාහිර ලෝකය කියල අප දකින්නේ අපේ හිතේ ම ප්‍රතිබිම්භයක් බව උන්වහන්සේ පෙන්වා දුන්නා.


3️ විශ්වයේ සියල්ල එකිනෙක බැඳී තිබීම (Quantum Entanglement)


ක්වොන්ටම් විද්‍යාවට අනුව විශ්වයේ කෙළවරක ඇති අංශුවක සිදුවන වෙනසක්, අනෙක් කෙළවරේ ඇති අංශුවකට ක්ෂණිකව බලපානවා.
  බුදුන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයේ දේශනා කළේ "ඉමස්මිං සති ඉදං හෝති" (මෙය ඇති කල්හි මෙය වෙයි) යනුවෙන්. විශ්වයේ කිසිවක් හුදකලාව පැවතිය නොහැකි බවත්, සියලුම දේ හේතු-ඵල දහම මත එකිනෙකට තදින්ම බද්ධ වී ඇති බවත් උන්වහන්සේ දේශනා කළා. 



Previous Next

Top Post Ad


නවතම ලිපි...