zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

නුදුරේ දී ජපානය දැවැන්ත සුනාමියකට නතු වනු ඇති බවට චීන විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



ජපානය Kyushu දූපත පදනම් කරගනිමින් අතිවිශාල භූ කම්පනයක් ඇති වීමේ අවදානමක් පවතින බව චීනයේ භූ කම්පන විද්‍යා සංසදයේ (Seismological Society of China) විද්‍යාඥයන් අනතුරු අඟවනවා. වීඩියෝ පටයක් මඟින් ඔවුන් පෙන්වා දෙන්නේ එය මිලියන ගණනක ජීවිත ප්‍රමාණයක් අනතුරේ හෙළමින් ගෝලීය ආර්ථීකයට ද මරු පහරක් එල්ල කරනු ඇති බවයි.

චීන විද්‍යාඥයන් සවිස්තරාත්මක වීඩියෝවක් මඟින් මේ අනතුරු ඇඟවීම සිදු කරන්නේ ජපානයේ Kyushu දූපත පදනම් කරගනිමින් ඇති වූ මැග්නිටියුඩ් 7.1ක භූ කම්පනය සිදු වී දින කිහිපයකින්. වීඩියෝපටයේ පෙනී සිටින චීන භූ කම්පන පරිපාලන සේවයට අයත් භූ භෞතික විද්‍යා ආයතනයේ විද්‍යාඥ Gao Mengtan පෙන්වා දෙන්නේ පසුගිය දා ඇති වූ භූ කම්පනයට හේතු වූ නන්කයි ද්‍රෝණියේ (Nankai Trough) ඇති වී ඇති ආංශික පැල්ම හේතු කොටගෙන ම මැග්නිටියුඩ් 8.5ක දැවැන්ත භූ කම්පනයක් ඇති වීමේ සම්භාවිතාවක් තිබෙන බවයි. පැල්ම පරිපූර්ණ තත්ත්වයට පත් වුවහොත් මැග්නිටියුඩ් 9.1 දැවැන්ත භූ කම්පනයක් අත් විඳීමට සිදු වනු ඇති බව ද ඔවුන් සඳහන් කරනවා.

නන්කයි ද්‍රෝණිය පිහිටා තිබෙන්නේ ජපානට වෙරළට ඔබ්බෙන් ඇති පැසිෆික් සාගරය යටින් එකිනෙක හමු වන පැසිෆික් භූ තැටිය සහ පිලිපීන සමුද්‍ර තැටිය පදනම් කරගෙනයි. චීන විද්‍යාඥයන් උපුටා දක්වමින් South China Morning Post වාර්තා කරන පරිදි මෙහි සිදු වන පරිපූර්ණ පැලුමකට මීටර් 10 ඉක්මවූ රළ සහිත සුනාමි තත්ත්වයක් ඇති කළ හැකියි. Gao සහ කණ්ඩායමට අනුව එවන් තත්ත්වයක් ගොඩනැඟිලි මිලියන 2කට අධික සංඛ්‍යාවක් සමතලා කර දමනු ඇති අතර, 320,000ක ජීවිත ප්‍රමාණයක් අහිමි කර මිලියන 9.5ක ජීවිත ගණනක් අවතැන් කරනු ඇති.

Kyushu, ජපානය සතු අර්ධ සන්නායක කර්මාන්තයේ මර්මස්ථානයක්. එරට මුළු අර්ධ සන්නායක නිෂ්පාදනයෙන් අඩක් පමණ ම එන්නේ Kyushu දූපතෙන්. Gao පෙන්වා දෙන්නේ ජපානය සතු ආර්ථික මර්මස්ථාන රැසක් නන්කයි ද්‍රෝණියට ආසන්න භූමි කලාපවල පිහිටා තිබෙන බවයි.

“මේ කලාපයේ සිදු වන භූ කම්පනයකින් ජපානයේ නිෂ්පාදන ආර්ථිකයට පමණක් නොව, ගෝලීය සැපයුම් මාර්ගවලටත් බලපෑම් එල්ල වෙනවා. එවැන්නකින් සිදු වන ආර්ථික අලාභය යෙන් ට්‍රිලියන 220ක් පමණ වනු ඇති. එය ජපානයේ වාර්ෂිත වැය ශීර්ෂය මෙන් දෙගුණයක මුදලක්.” Gao පවසනවා.

පසුගිය 08 වැනි දා Kyushu පදනම් කරගනිමින් හටගත් භූ කම්පනය දැවැන්ත විනාශයක් අත් කර දුන්නේ නැහැ. කෙසේ නමුත් ඉන් අනතුරු ව ජපාන කාලගුණ විද්‍යා නියෝජිතායතනය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ මීළඟ දවස් කිහිපය තුළ දී තවත් දැවැන්ත භූ කම්පනයක් ඇති වීමේ දැඩි සම්භාවිතාවක් පවතින බවයි.

Gao සඳහන් කරන පරිදි නන්කයි ද්‍රෝණිය සෑම වසර 117කට ම වරක් විනාශකාරී දැවැන්ත භූ කම්පනයක් ඇති කර තිබෙනවා. ඒ තරම්ම දැවැන්ත විනාශයක් අත් කර දුන් භූ කම්පනයක් අවසන් වරට ඇති වූයේ 1946 වසරේ දීයි. ඉන් මීටර් 6.9ක් උස උදම් රළ සහිත සුනාමියක් ඇති කර තිබුණා.

Interesting Engineering ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!