Loading..

හිසකෙස් වේගයෙන් වර්ධනය කරගන්න අවශ්‍ය ඔබ වෙනුවෙන් ම ස්වභාවික ක්‍රම 07 ක්




01.එඬරු තෙල් හෝ තල තෙල් ආලේප කර සම්භාහනය කරන්න.

02.පේර කොළ කොටා එහි ඉස්ම හිස්කබලේ ගල්වා සම්බාහනය කර සෝදා හරින්න.

03.ඔබ ස්නානය කරන විට රුධිර ගමනය පහසු කිරීම සඳහා ඔබේ හිස්කබල ඔබේ ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස පීඩනයක් යොදමින් සම්භාහනය කරන්න.

04.විනාකිරි මේස හැන්දකට වතුර මේස හැදි හතරක් කලවම් කර පුලුන් කැබැල්ලකින් ඔබේ හිස් කබලෙහි තවරන්න. එමගින් හිස් කබලෙහි ඇති කොරල වැනි තත්ව සහ හිස්හාරී ඉතා පහසුවෙන් ඉවත් කරගන්න පුලුවන්.

05.ඔබ ස්නානය කිරීමට පෙර පොල්තෙල් ස්වල්පයක් රත්කර එයට විටමින් ඊ කරලක් එකතු කර පුලුන් කැබැල්ලක් මගින් හිස් කබලෙහි තවරා සම්භාහනය කිරීම මගින් නිරෝගී කෙස් කළඹක් ලබාගන්න ඔබට පුලුවන්.

06.ඔබේ හිසකෙස් හැලෙනවා නම් ශක්තිමත් නොමැති නම් ඔබ අනිවාර්යයෙන්ම ඔමේගා 3 ෆිෂ් ඔයිල් ලබා ගත යුතු වෙනවා.

07.ෆෝලික් අම්ලය මගින් නව සයිල උත්පාදනය සඳහා වැදගත් වන බී විටමින් ඇතුලත් බැවින් නව හිසකෙස් වර්ධනය කරගැනීමට ෆෝලික් අම්ලය භාවිතා කරන්න.

𝖣𝗂𝗇𝗎𝖽𝗂𝗄𝖺

Previous Next

Top Post Ad


නවතම ලිපි...