zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වැඩිමල් කෙල්ලෙක් ඉන්න කොල්ලෙකුට මේවා විඳින්න වෙනවාමයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 



වැඩිමල් කෙල්ලෙක් කියන්නෙ මීට ටික කාලෙකට කලින් සමාජයට අසම්මතයක් වගේ වුනාට දැන් සමාජයට නං ඒක ඒ හැටි ගානක් නෑ, ආදරයට වයස ප්‍රශ්නක් නෑ කියන තැන ‍ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ නිසා කෙල්ල අවුරුදු කිහිපයකින් වැඩිමල් වුනු ලවු අපිට දකින්න පුළුවන් දැන් ඕනතරං. මේ කියන්න යන්නෙ ඒ විදියට වැඩිමල් කෙල්ලෙකුට ලවු කරද්දි මුහුණ දෙන්න වෙන වාසි සහ අවාසි. හැබැයි කොහොම වුනත් අපේ ඕවර්ඕල් මතය නම් මෙහෙම ලවු ෂෝක් කියන එක තමයි.


මුලින්ම අපි වාසි ගැන සොයා බලමු

1. හොඳ රැකවරණයක්

Older Girl Friend

Source – superiorpics.com

මෙන්න මේක තමයි වැඩිමල් කෙල්ලෙක් ඉන්න එකේ තියෙන ප්‍රමුඛතම වාසිය. ඇයි ඉතිං එයාට හොඳ ඉවසීමක් තියෙනවා. අන්න ඒ නිසා ප්‍රශ්නයක් මගහරවන්න කරන්න ඕන මොකද්ද කියන දේ එයා එක්ස්පීරියන්ස් වලින්ම දන්නවා. සමහරවිට එයාට මීට කලින් එයාගෙ වයසෙ පෙම්වතෙක් ඉඳලා තියෙන්නත් පුළුවන්. එහෙමනං එයා දන්නවා ගානට ඔයාව මැනේජ් කරන්න. ආයෙ ඉතිං අම්ම ලඟ ඉන්නව වගේ තමයි. හිතේ ප්‍රශ්න කොහෙන් ගියාද නෑ.


2. මැචුවර්ඩ් පිළිතුරු සහ ගයිඩන්ස්

Older Girl Friend

Source – zoosk.com

මෙන්න මේකත් හොඳ තත්ත්වයක්. සමවයසෙ හෝ තමුන්ට බාල ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම ලැබෙන උත්තරවලට වඩා සිරා ‍ප්‍රැක්ටිකල් උත්තර මෙයාලා ගාව තියෙනවා. ඒ වගේම මෙයාලා ස්වභාවයෙන්ම කොල්ලව පොඩි එකෙක් විදියට දකින නිසා මෙයාලා කොල්ලව ගානට මැනේජ් කරනවා. ඒක කොල්ලගෙ අනාගතේට, වෘත්තිය ජීවිතයට, ආර්ථිකයට වගේම පර්සනැලිටියිටත් ෂෝක්.

3. සමාජයට බය නෑ

Older Girl Friend

Source – superiorpics.com



මෙන්න මේකත් ඍජු තැනක්. දැන් සාමාන්‍යයෙන් අපි එදිනෙදා මුහුණ දෙන සමාජයේ සෙට් වෙන ප්‍රශ්න ටිකක් තියෙනවානෙ. සාමාන්‍යයෙන් තමුන්ට වඩා බාල කොල්ලෙක් එක්ක යාළු වුනාම කෙල්ලෙකුට අමුතු ගැම්මක් එනවා. අන්න ඒ ගැම්ම නිසාම එයා සමාජයේ පොදු මතය බැහැර කරන, රැඩිකල් එහෙත් ඩිප්ලොමැටික් කැරැක්ටර් එකක් වෙනවා. කාටවත් කරදරේකුත් නෑ, යටත් වෙන්නෙත් නෑ, කියන දේ අහන්නෙත් නෑ. නරකක් කරන්නෙත් නෑ වගේ ටයිප්. මේක මාර සිරා තත්තවයක් බව එහෙවු කෙල්ලෙකුට ලවු කරපු කොල්ලො මොනිටරේ උඩ අත තියලා දිවුරාවි.


     දැන් අවාසි පැත්තට හැරෙමු


1. අම්මා වීමට දරණ උත්සාහය

Older Girl Friend

Source – glamour.com



මෙන්න මේක නිතර තියෙන තත්ත්වයක්. අපි අම්මට කොච්චර ආදරේ වුනත් අපේ අම්මා අපේ ජීවිතේට හැම තිස්සෙම ඇඟිලි ගහන විදියට කිසිම පුතෙක් ආසා නැහැනෙ. අන්න ඒ අවුල මෙතනදි දරුණුවට පැණ නගිනවා වගේම මේ වගේ කපල් අතර වලි යන ප්‍රධානම හේතුව වෙන්නෙත් ඒක. කෙල්ල හිතනවා තමුන් හැමදේම දන්නවා සහ කොල්ලා තමන්ට යටත්ව සිටිය යුතු වග. අන්න ඒක මත ඉඳගෙන කොණ්ඩෙ වැඩියෙන් වැවුවත් ගුටි කන්න වෙන සෝචනී‍ය ඉරණමක් තමයි කොල්ලට අයිති වෙන්නෙ.

2. සමාජයෙන් එන කතා

Older Girl Friend

Source – youtube.com




ගෙදරින් වගේම අවට සමාජයෙන් මෙහෙම ලවු එකක් ගැන එන කතා එච්චර හොඳ ඒවා නෙමෙයි. අන්න ඒ වගේ තතත්ත්වයකදී සාමාන්‍ය ලවු එකකට අහන්න වෙන කතා ප්‍රමාණයට වඩා සිවු ගුණයක් විතර අවුල් දේවල් මේ ලවු එක සම්බන්ධයෙන් ඔයාට අහන්න සිද්ධ වෙනවා.

3. එයාගෙ යාළුවො මැද තමුන් පොඩි එකා වීම

Older Girl Friend

Source – nypost.com


කොල්ලගෙ හැම ගැදරින් එකකටම කෙල්ල නොආවට කෙල්ලගෙ හැම ගැදරින් එකකටම යන්නට කොල්ලට සිද්ධ වෙනවා. ඒක තමයි වැඩිමල් එකක් බැඳපුවාම තත්ත්වෙ. ඒක හරියට නිකං අම්මා දරුවව ඔෆිස් අරං යනව වගේ සීන් එකක්. දැන් මේකෙදි ගොඩක් වෙලාවට අනිත් පිරිමි හිටියත් උණුත් තමුන්ට වඩා හෙන වැඩිමල් වීම සහ තමුන්ට අන්තිමට ඉතුරු වෙන ගෑනු ගොඩත්, තමුන්ට වඩා වයසින් වැඩි වීමේ ප්‍රශ්නය පැණ නගිනවා. ඇත්තටම ඉතිං මෙහෙම තැනකදි ෆේස්බුක් එකේ උඩටයි පහලටයි යනව ඇරෙන්න වෙනිං කරන්න දෙයක් නෑ.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!