මෝසම් කාලගුණය වෙනස් වීමත් සමඟ මේ දිනවල මුහුදු ප්‍රදේශවල 'ගොන්මහ-ගල් මාළු' නමැති උග්‍ර විෂ සහිත මත්ස්‍ය විශේෂය සැරිසැරීමේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව පරපෝෂිත විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජනක රූබන් මහතා පවසනවා.
කෙසේ වෙතත් මෙම මසුන් අත්වැරදීමකින් හෝ පෑගීම හේතුවෙන් කිහිප දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට පසුගියදා ඇතුළත් කළ බවයි වාර්තා වුණේ.
මෙම මත්ස්‍යයාගේ විෂ ස්පර්ශ කරන විට හෝ පෑගීමේදී බරපතල තුවාල සිදුවිය හැකියි.
මෙම ජලජ සත්වයාගේ මන්දගාමී චලනය හේතුවෙන් උපස්ථරය අතර හොඳින් සැඟවී සිටිය හැකි ඇති අතර සමහර විට ඇල්ගී වලින් පවා වැසී තිබෙනු දක්නට පුළුවන්.
මුහුදේදී මෙම මත්ස්‍යයාගේ දෂ්ට කිරීම්වලට ලක් වුවහොත් වහාම මුහුදෙන් ගොඩට පැමිණ කඩිනමින් පියවර ගෙන ප්‍රතිකාර සඳහා රෝහලට යායුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම මෙම මාළුවා මරා නොදමන ලෙසත් මුහුදේ දිය නෑමට හෝ වෙරළ තීරයේ පාවහන් නොමැතිව ඇවිදීමෙන් වළකින ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

