zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මුදලට නොවිකිණෙන බොලිවුඩ් නළු නිලියන්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



බොලිවුඩ් කියන්නෙ ඉන්දියානු සිනමාවේ වගේම ලෝක සිනමා කර්මාන්තයේත් වැදගත්ම සහ විශාල පංගුවක් නියෝජනය කරන කොටසක්. ඉතින් අද වෙද්දී බොලිවුඩය කියන්නෙ ඇමරිකානු හොලිවුඩ් සිනමාව පවා අභිබවා ගිය චිත්‍රපට කේන්ද්‍රස්ථානයක්. ඉතින් මේ කර්මාන්තය මේ තත්ත්වෙට ගන්න ඉන්දීය සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරන හැම දෙනෙක්ම දායක වෙලා තියෙනවා. විශේෂයෙන් චිත්‍රපට නිෂ්පාදකයින් මේකට ලොකු දායකත්වයක් ලබාදීලා තියෙනවා. ඒ වගේම තමයි චිත්‍රපට රංගන ශිල්පින් සහ ශිල්පිනියන්. ඒ අයත් මේ කර්මාන්තය අද තියෙන තත්ත්වෙට ගේන්න ලොකු දායකත්වයක් දීල තියෙනවා. ඒ අතරිනුත් සමහර නළු නිළියන් මුදල් කියන කාරණාව පවා අමතක කරලා තමන්ගේ දායකත්වය චිත්‍රපට වෙනුවෙන් ලබාදීලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නෙ ඒ විදිහට මුදල් අය නොකර චිත්‍රපට වලට රංගන දායකත්වය ලබාදුන් නළු නිළියන් කිහිපදෙනෙක් ගැනයි. 

1. අමිතාබ් භච්චන්

අමිතාබ් භච්චන් කියන්නෙ ඉතින් ඉන්දියානු සිනමාවේ දැවැන්තම චරිතය කියල කිව්වොත් හරි. 1969 වගේ ඈත කාලෙක තමන්ගේ පළවෙනි චිත්‍රපට රංගනය සිදු කළ අමිතාබ් අද වෙද්දී චිත්‍රපට 200කට වඩා වැඩි ප්‍රමාණයකට රඟපෑමෙන් දායක වෙලා තියෙනවා. ඉන්දියානු සිනමා කර්මාන්තයට ලබාදීලා තියෙන දායකත්වය ගැන සලකලා විවිධ අවස්ථා වල ඔහුට විශේෂ සම්මාන පවා පිරිනමලා තියෙනවා. ඒ අතරින් පද්ම ශ්‍රී, පද්ම භූෂණ, පද්ම විභූෂණ වගේ සම්මාන විශේෂයි. ඉතින් මෙච්චර කුසලතාවක් තියෙන රංගන ශිල්පියෙක් නිර්මාණයක් වෙනුවෙන් කොච්චර මුදලක් අය කරනවද කියල කියනවනම් අදටත් බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන රංගන ශිල්පින් දහදෙනා අතරේ අමිතාබ් ඉන්නවා. නිල නොවන ආරංචි වල හැටියට ඔහුගේ අය කිරීම එක චිත්‍රපටයකට ඉන්දියානු රුපියල් කෝටි විස්සක් වගේ වෙනවාලු. ඉතින් ඒ වගේ නළුවෙක් චිත්‍රපටයකට නොමිලේ තමන්ගේ දායකත්වය ලබා දෙන එක කොච්චර සහනයක්ද නිෂ්පාදකයෙකුට? ඉතින් අමිතාබ්ගේ වේශ නිරූපණ ශිල්පියෙක් එක්තරා චිත්‍රපට නිෂ්පාදන සමාගමක අධ්‍යක්ෂකවරයෙක් වෙලා තියෙනවා. ඉතින් ඒ පුද්ගලයා අදාළ සමාගමේ චිත්‍රපට කිහිපයකට අමිතාබ්ට ආරාධනා කරලා තියෙනවා. ඉතින් ඔහුට කරන කෘතගුණ සැලකීමක් විදිහට චිත්‍රපට කිහිපයක්ම අමිතාබ් කිසිඳු මුදලක් අය නොකර රඟපාලා දීල තියෙනවා. ඒ වගේම සන්ජේ ලීලා බන්සාලිගේ චිත්‍රපටයකත් අමිතාබ් නොමිලේ රඟපාලා තියෙනවා. ඒ ෆිල්ම් එක තමයි බ්ලැක් (Black). 

2. ශාරුක් ඛාන්

කිං ඛාන් එහෙම නැත්නම් ශාරුක් ඛාන් කියන්නෙත් ඉන්දියානු සිනමාවේ ඉතාම ප්‍රබල වගේම වැදගත් චරිතයක්. මේ වෙද්දී චිත්‍රපට 80කට වඩා වැඩි ප්‍රමාණයක්  ශාරුක්ගේ රංගනයෙන් හැඩවෙලා තියෙනවා. ශාරුක් කියන්නෙ ලෝකයේම වඩාත්ම සාර්ථක වුණු නළුවන්ගෙන් කෙනෙක්. ශාරුක් කියන්නෙත් බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන නළුවන්ගෙන් ඉහළම ඉන්න කෙනෙක්. ඉතින් 2008 තිරගත වුණු “භූත්නාත් (Bhoothnath)” චිත්‍රපටයෙත් ශාරුක් ආරාධිත රංගනයකට දායක වුණා. ඒ චිත්‍රපටයේම දෙවෙනි කොටස විදිහට ආපු “භූත්නාත් රිටර්න්ස් (Bhoothnath Returns)” චිත්‍රපටයේ ශාරුක්ට ලැබුණු ආරාධිත රංගනය වෙනුවෙන් ශාරුක් කිසිම මුදලක් අය කරලා තිබුණේ නෑ. 

3. සල්මාන් ඛාන්

චිත්‍රපටයක් වෙනුවෙන් වැඩිම මුදලක් අයකරන බොලිවුඩ් නළුවන්ගෙන් කෙනෙක් තමයි සල්මාන් ඛාන්. ශාරුක් ඛාන්ගේ සමකාලීනයෙක් වෙන සල්මාන් ඛාන් මේ වෙද්දී චිත්‍රපට 70කට වඩා වැඩි ගණනක රඟපාලා තියෙනවා. සල්මාන් කියන්නෙ සමාජ සේවා වැඩ වලදී ඉදිරියෙන්ම ඉන්න නළුවෙක්. ඉතින් 2012 තිරගත වුණු “සන් ඔෆ් සර්දාර් (Son of Sardar)” චිත්‍රපටයේ සල්මාන්ගේ ආරාධිත රංගනය වෙනුවෙන් ඔහු කිසිම මුදලක් අය කරලා නෑ. ඒ වගේම 2015 වසරේ තිරගත වුණු “ප්‍රේම් රතන් ධන් පායෝ (Prem Ratan Dhan Payo)” චිත්‍රපටය වෙනුවෙනුත් සල්මාන් ඔහුගේ ගාස්තු අය කරලා නෑ. ඒකට හේතුව විදිහට සල්මාන් සඳහන් කරලා තිබුණේ තමන්ට ඕන වුණේ ඒ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවන්න නිසා චිත්‍රපටයේ වියදම අඩු කරලා පෙන්වන්න ගාස්තු අය නොකළා කියලයි. 

4. රාණි මුඛර්ජී

80/90 දශකයේ ඉපදුණු අය ගොඩක් කැමති රංගන ශිල්පිනියක් තමයි රාණි මුඛර්ජි. දැනට වයස අවුරුදු 43ක් විතර වෙන රාණි අපේ මතකයේ තවම රැඳිලා ඉන්නේ “කුච් කුච් හෝතා හේ” චිත්‍රපටියේ රංගනයෙන් එකතු වුන ලාබාල තරුණිය විදිහටයි. ඒ වගේම “චල්තේ චල්තේ”, “හම් තුම්”, “වීර් සාරා”, “කභී අල්විදා නා කෙහ්නා” වගේ චිත්‍රපට රාණිගේ සුවිශේෂී රංගන කුසලතා ප්‍රකට කරපු නිර්මාණ. ඉතින් ඉන්දියාවේ වැඩිම මුදලක් අය කරන නිළියන් අතරටත් රාණි ඇතුළත් වුණා 2000 දශකයේ. ඉතින් රාණි තමන්ගේ ලඟම හිතවතෙකු වුණු කරන් ජොහාර් නිෂ්පාදනය කරපු “කභී කුෂි කභි ගම්” චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් කිසිඳු මුදලක් අය කරලා නෑ. 

5. ෆර්හාන් අක්තාර්

ෆර්හාන් අක්තාර් කියන්නෙ බොලිවුඩ් සිනමාවේ ඉන්න දක්ෂ නළුවෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්, තිර රචකයෙක්, පසුබිම් ගායකයෙක් වගේම නිෂ්පාදකයෙක්. ෆර්හාන් සිනමාවට එන්නේ සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට. පස්සේ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ආරම්භ කරනවා රිතේෂ් සිධ්වානි එක්ක එකතුවෙලා. අක්තාර් තමන්ගේ පළවෙනි සිනමාපටය විදිහට රංගනයෙන් එකතු වුණේ “රොක් ඔන් (Rock on)” චිත්‍රපටය එක්ක වුණත් ඔහුව ප්‍රේක්ෂකයින්ට වඩා සමීප වුණේ “සින්දගී නා මිලේගී දෝ බාරා” චිත්‍රපටයෙන්. ඒ වගේම අක්තාර් ඒ සිනමාපටයේ නිෂ්පාදකයාත් වුණා. 2013 තිරගත වුණු “භාග් මිල්කා භාග් (Bhaag Milkha Bhaag)” චිත්‍රපටය නිර්මාණය වුණේ ඉන්දියාවේ හිටපු මලල ක්‍රීඩකයෙකුගේ ජීවිත කතාව පාදක කරගෙන. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හිමිවුණේ ෆර්හාන් අක්තාර්ට. ඉතින් මේ චිත්‍රපටය සඳහා පාදක වුණු චරිතය ඉන්දියාවට ඉතා වැදගත් නිසා අක්තාර් ඒ රඟපෑම වෙනුවෙන් මුදල් අය කළේ නෑ. ඒ වෙනුවට ඔහු රුපියලක් පමණක් සංකේතවත්ව ලබාගත්තා නිෂ්පාදකයාට කරන ගෞරවයක් විදිහට. 

6. දීපිකා පදුකෝන්

මෑත කාලයේ බොලිවුඩයේ ඉතාම ජනප්‍රිය නිළියක් විදිහට දීපිකා පදුකෝන් හඳුවනන්න පුළුවන්. ඒ වගේම ඉන්දියානු සිනමාවේ වැඩිම ඉල්ලුමක් තියෙන නිළියක් විදිහටත් ඇය ප්‍රසිද්ධයි. 1986 උපත ලබන දීපිකාගේඋපන්දිනය ජනවාරි මාසේ 5 වෙනිදට තමයි යෙදිලා තියෙන්නේ. දීපිකා සිනමාවට සම්බන්ධ වෙන්නේ කන්නඩ චිත්‍රපටයක් වුණු “අයිශ්චර්යා” කියන චිත්‍රපටයෙන් වුණත් ඇය සිනමාවේ නමක් දිනාගත්තේ “ඕම් ශාන්ති ඕම්” චිත්‍රපටයෙන්. ඒ 2007 අවුරුද්දේ. ඉතින් ඒ දවස් වල ශාරුක් කියන්නෙ බොලිවුඩයේ ඉහළින්ම හිටපු තරුව. ඉතින් මේ චිත්‍රපටය දීපිකාට ලැබුනම ඒක ඇයට ශාරුක් එක්ක රඟපාන්න ලැබුණු ලොකු අවස්ථාවක් විදිහටයි ඇය සැලකුවේ. ඒ නිසා කිසිම මුදලක් අය නොකර දීපිකා මේ චිත්‍රපටයේ රඟපෑමට බාරගන්නවා. ඉතින් ඇය ඒ තුළින් විශාල ප්‍රසිද්ධියක් ලබාගන්නත් සමත් වෙනවා.  

7. ඉර්ෆාන් ඛාන්

ඉතාම මෑතක, ඒ කියන්නෙ 2020 අවුරුද්දේ ඉර්ෆාන් ඛාන් කියන අති දක්ෂ රංගන ශිල්පියා දරුණු රෝගාබාධයක් හේතුවෙන් මරණයට පත් වුණා. ඔහු වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතුවෙලා හිටියා ඔහුගේ ඉතාම ඉහළ රංගන ප්‍රතිභාව හේතුවෙන්. ඉන්දියානු චිත්‍රපට වල වගේම විදේශීය චිත්‍රපට වලටත් තමන්ගේ රංගන දායකත්වය ලබා දීපු ඉර්ෆාන්, ඉන්දියාවේ ඉහළම සම්මානයක් වෙන පද්ම ශ්‍රී සම්මානයෙන් පවා පිදුම් ලැබූ කෙනෙක්. ඔහු 2003 අශ්වින් කුමාර් ගේ කෙටි චිත්‍රපටයක් වුණු “Road to Ladakh” චිත්‍රපටයට තමන්ගේ රංගන දායකත්වය ලබාදුන්නත් ඒ වෙනුවෙන් මුදල් අය කිරීමක් කළේ නෑ. 


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!