Loading..

Love affairs ගැන රසවත් මනෝවිද්‍යාත්මක කරුණු



1.සමාන සිතුම් පැතුම් සහ රුචිකත්වයන් සහිත පුද්ගලයන් ආදරයෙන් බැඳීමට වැඩි ඉඩක් ඇත.

2. ආදරය කිරීමේදී කාන්තාවන් හැඟීම්/චිත්තවේග සහ සම්බන්ධතාවයේ පැවැත්ම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන අතර පිරිමින් ශාරීරික ආකර්ෂණය  සහ ලිංගිකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

3. හොඳ ආදර සම්බන්ධයක් තිබීම නිසා හෘද රෝග අවදානම අඩු වීම, ප්‍රතිශක්ති ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වීම වැනි සෞඛ්‍යයට ධනාත්මක බලපෑම් ඇතිවේ.

4. වඩාත් ආදරණීය වීම නිසා නිර්මාණශීලීත්වය, අභිප්‍රේරණය වැනි කුසලතා සංවර්ධනය වේ.

5. ආදරය කරන පුද්ගලයින්ගේ සෙරොටොනින් මට්ටම අඩු වන අතර එමඟින් උමතු සිතුවිලි සහ හැසිරීම් ඇති විය හැක.

6. දෙදෙනා අතර නිතරම Eye contact පවත්වා ගැනීම මගින් ආකර්ෂණය, සමීපභාවය, විශ්වාසය පිළිබඳ හැඟීම් වැඩි කරගත හැක.

7. උද්වේගකර, ත්‍රාසජනක හා නව අත්දැකීම් ලබාගන්නා ජෝඩු වඩාත් ශක්තිමත් හා තෘප්තිමත් සබඳතා පවත්වාගනී.

8. හුරතල් කිරීම, සිප ගැනීම, වැළඳ ගැනීම වැනි දේවල් නිසා ඔක්සිටොසින් හෝමෝනය මුදා හැරෙන අතර එමගින් විශ්වාසය, ආදරණීයබව, ලිංගික ආශාව වැඩිවේ.

9. ආත්මීය සහකරුවන් යන සංකල්පය විද්‍යාත්මකව පිලිනොගත්තත් සමාජයේ බහුතරය දෛවෝපාගත හමුවීම්, ආත්මීය බැඳීම් යන්න විශ්වාස කරයි.

10. චිත්‍රපට සහ මාධ්‍යවල නිරූපණය වන ප්‍රේමය බොහෝ විට යථාර්ථවාදී නොවන අතර මේවා සැබෑ ජීවිතයට ආදේශ කරගැනීමෙන් ගැටුම් පවා ඇතිවිය හැක.

𝑪𝒐𝒎𝒎𝒆𝒏𝒕 𝒃𝒆𝒍𝒐𝒘 𝒂𝒏𝒚 𝒐𝒕𝒉𝒆𝒓 𝒕𝒐𝒑𝒊𝒄𝒔 𝒚𝒐𝒖 𝒘𝒂𝒏𝒕..

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...