ඔයාට ඔයා තුළින්ම ඔයා නොවෙන්න පුළුවන් ද? ඔයා ඇතුලෙ තව කෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන් ද?
ඔව්. මේ රෝගී තත්ත්වය හඳුන්වන්නේ "Dissociative Identity Disorder" කියල . එහෙමත් නැත්නම ඔයා "Multi Personality Disorder" කියන එක අහල ඇති; මොළය ඇතුලේ වෙන අසාමාන්‍ය පරිවර්තන කිහිපයක් හින්දා මේ රෝගී තත්වය ඇතිවෙන්න හැකියාව තියෙනවා.
මිනිසා ගේ බය අන්තර්ගත වෙනවා යැයි සැලකෙන Amygdala කොටස හා මිනිසා ගේ කෙටිකාලීන මතකය ගබඩා වෙන Hypothalamus කොටස හැකිලීම තමයි මේකෙදි ප්‍රධාන විදියටම වෙන වෙනස් වීම.
මේ "බය නැතිවීම" කියන කාරනයත් එක්ක රෝගියා තුල ඇතිවෙන අනෙක් පෞරුෂ්‍යත්වය රෝගියාගේ සැබෑ පෞරුෂ්‍යත්වයට හාත්පසින්ම වෙනස් ප්‍රතිවිරුද්ධ හැඟීම් තියෙන, ප්‍රතිවිරුද්ධ අරමුණු තියෙන කෙනෙක් වෙන්න පුළුවන්.
Alter ego එක නැත්නම් අපි කතා කරපු මේ දෙවෙනි පෞරුෂ්‍යත්වය හරියට පරපෝෂිතයෙක් වගේ ධාරක පෞරුෂ්‍යත්වය යටපත් කරලා දේහයේ පාලනය තමන් අතට ගන්න තමයි ගොඩක් උත්සාහ කරන්නේ.
සමහර රෝගී අවස්ථාවල විවිධ වූ වෙනස් පෞරුෂ්‍යත්වයන් කිහිපයක්ම අපිට රෝගීන් තුල බලාගන්න පුළුවන්
“දැනුමෙන් විශ්වය දකින්න… විස්මයෙන් ලෝකය හඳුනාගන්න.”

