zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පල්සාරයකින් නිකුත් වූ වැඩි ම ශක්තියකින් යුතු ගැමා කිරණ ප්‍රවාහය නිරීක්ෂණය කෙරේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.





නැමීබියාවේ ස්ථාපිත H.E.S.S. නිරීක්ෂණාගාරයේ ආධාරයෙන් පල්සාරයකින් නිකුත් වූ වැඩි ම ශක්ති ප්‍රමාණයකින් යුතු ගැමා කිරණ ප්‍රවාහයක් ග්‍රහණය කර ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් ව සිටිනවා. විද්‍යාඥයන් සඳහන් කරන්නේ එම ගැමා කිරණ ප්‍රවාහය නිකුත් කළ ශක්තිය ටෙරා-ඉලෙක්ට්‍රෝන්වෝල්ට් 20 ක් පමණ වන බවයි. නො එසේ නම් දෘශ්‍ය ආලෝකය මෙන් ට්‍රිලියන දස ගුණයක් පමණ වනවා.

පල්සාර ලෙස හැඳින්වෙන්නේ සුපර්නෝවාවක් ලෙස පිපිරී ගිය තාරකාවක ශේෂ වූ කොටසයි. එය මළ තාරකාවක් ලෙස හැඳින්වීමෙහි වරදක් නැහැ. සුපර්නෝවාවේ පිපුරුමෙන් පසු කිලෝමීටර 20ක පමණ විෂ්කම්භයකින් යුතු එම මළ තාරකාව අධික වේගයකින් යුතුව කරකැවෙන්නට පටන්ගන්නවා. ඒ ඒ අවට කලාපය තුළ බලපවත්නා අතිශය බලසම්පන්න චුම්භක ක්ෂේත්‍රයක් ද ඇති කරමින්.

පල්සාර තමා වටා වේගයෙන් කරකැවෙන අතරේ සෑම දිශාවකට ම විද්‍යුත්චුම්භක විකිරණයයන් නිකුත් කරනවා. එනිසා ඒවා විශ්වයේ පවතින ප්‍රදීපාගාරයකට ද උපමා කළ හැකියි.

රුවල් නැවක් පරිද්දෙන් ඇති වේලා (Vela) නමැති තාරකා රාශියට අයත් වේලා පල්සාරය මෙතෙක් හඳුනාගෙන ඇති දීප්තිමත් ම මෙන් ම විද්‍යුත්චුම්භක වර්ණාවලීක්ෂයට අනුව ගිගා-ඉලෙක්ට්‍රොවෝල්ට්වලින් (GeV) කොස්මික් ගැමා කිරණ නිකුත් කරන දීප්තිමත් ම මූලාශ්‍රය ලෙස හඳුනාගෙන තිබුණා. එය තත්පරයට වට එකොලහක වේගයකින් භ්‍රමණය වනවා. කෙසේ නමුත් GeV ගැමා කිරණ කිහිපයකින් පසු එහි විකිරණශීලීත්වය අඩු වී ඇති බව නිරීක්ෂණය වුණා.

නමුත් දැන් ඉන් ටෙරා-ඉලෙක්ට්‍රෝන්වෝල්ට්වලින් (TeV) මැනිය හැකි අධිශක්ති කොස්මික් ගැමා කිරණ නිකුත් වන බව නිරීක්ෂණය වී තිබෙනවා. නිරීක්ෂණයට අදාළ අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු වන දකුණු අප්‍රිකාවේ North-West විශ්වවිද්‍යාලයේ Christo Venter සඳහන් කරන පරිදි එම ශක්ති ප්‍රමාණය මින් පෙර වේලා පල්සාරයෙන් නිකුත් වී ඇති මුළු විකිරණ ශක්තිය මෙන් දෙසිය ගුණයක්.

Science Daily ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!