Loading..

ඉතිහාසයේ තුච්ඡ සිපගැනීම



--------------------------------------------

මෙය ආදරණීය සිපගැනීමක් ලෙස
ඔබට සිතෙනු ඇත. ඒත් ඒක තුච්ඡ පාවාදීමක් ලෙස ඉතිහාසගත වී හමාරය... 

ඔහු කුඩා කාලයේ ඉදන් මේ ගවයා ඉපදුන දා සිට ඇති දැඩි කරනවා. ගවයාට දැනෙන්නේ ඌ ඇති දැඩි කර ඔහු ගේ ආදරය පමණයි. ඔහුගේ අරමුණ එය නෙවෙයි. නමුත් ඌ ඔහු ඇති දැඩි කරන්නේ මිනිසුන් විසින් ගවයන් මරණ ක්‍රීඩකයන්ට විකිනීමට කියා ගවයාට දන්නේ නැහැ. ඔහු ක්‍රීඩාව සදහා ගවයාව විකුණා එම තරඟය නරඔනවා.ගවයා ක්‍රීඩකයාගේ ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලබනවා. මිනිසුන් ක්‍රීඩකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔල්වරසන් දෙනවා. අසරණ වූ ගවයා ප්‍රේක්ෂකාරය දෙස බලනවා මියයන මොහොතේ උදව්වක් ඉල්ලන්නට....

ඌ දකිනවා ඌ හදා වඩා ගත්තු ඒ මිනිසාව. ඌ ප්‍රේක්ෂකාගාරය දෙසට දුවගෙන එනවා පිළිසරණක් බලාපොරොත්තුවෙන්... ඒ ජීවිතය අයැදීම, බලාපොරොත්තුවේ මොහොත. හිමිකරුවා ඌ ව සිපගන්නවා.ඒ මොහොතේ දී ක්‍රීඩකයා ගවයාට අවසන් පහර එල්ල කර මරා දමනවා. ඒ ක්‍රීඩාවේ ස්වභාවය. ක්‍රීඩකයා ජය ගන්නවා! ගවයා ගේ හිමිකරු ඔහුගේ පරමාර්ථය ඉටු කර ගන්නවා. ඒ හාදුවෙන් ගොඩක් දේ කියවෙන්න ඇති.

සමහර විට හිමිකරු ට මුදල් ලැබීමේ සතුට ට ඌ ව සිපගන්න ඇති.!

මෙය මානව ඉතිහාසයේ සිදු වූ අන්ත තුච්ඡ වූ පාවාදීම ලෙස කළු අකුරින් ලියවෙන සිද්ධියක් වෙනවා. අපේ සමාජයේ මෙලෙස කැමරා කාචයේ සටහන් නොවූ මේ හා සමාන සිදුවීම් ඕනි තරම් වර්තමානයේදීත් වෙමින් පවතිනවා. අහිංසක ගවයන් සිටින තාක් කල් ඒ ගවයන් යොදා තමන්ගේ අභිමතාර්ථ මුදුන් පත් කරගන්න ජුදාස් ලා අනාගතයේත් ඇති වීම වලක්වන්න බැහැ..... 

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...