හදිස්සි අවස්ථාවක ගිනි ගොඩක් පත්තු කරගන්න ගින්නක් ඕන වුණාම අපි ගිනිපෙට්ටි හොය හොය ඇවිදිනව නේද ? සමහර වෙලාවට අපිට හොයාගන්නවත් හම්බවෙන්නෙ නෑ ඒ වගේ ඕනෙ වෙලාවකදි. ඒත් අපිට වියළි කෝෂයක් සහ අපි කන අර දික් අතට එන බබල්ගම් චුයින්ගම් වල කවරෙයි පාවිච්චි කරලා ලේසියෙන් ගින්නක් හදාගන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියෙ නැහැ නේද?
♾ඒකට කරන්න තියෙන්නෙ මෙච්චරයි.
AA බැටරියක් ගන්න. ඊටපස්සෙ ගින්න පත්තු වෙන්න නම් අර
බබල්ගම් කවරෙ විශේෂ
හැඩයකට කපාගන්න ඕනෙ. එකට හේතුව වෙන්නෙ ඒක වැඩිපුර මහත උණාම ගින්න පත්තු වෙන්නෙ නෑ , ඒ වගේම ඒක වැඩිපුර හීනි උණාම ඉක්මණින්ම ගින්න දැවිලා යනවා. ඒ නිසා බබල්ගම් කවරෙ අරගෙන ඒක
වැලි ඔරලෝසු හැඩයට කපාගන්න ඕනෙ. ඒ කියන්නෙ මැද හීනි වෙන ගමන් දෙපැත්ත ක්‍රමයෙන් මහත් වෙන්න ඕනෙ. ඊටපස්සෙ ඒ මහත කෙළවරවල් දෙක අපි අර වියළි කෝෂයෙ
අග්‍ර දෙකට තියපු ගමන් ඔයාට බලාගන්න පුළුවං
ගින්නක් ඇති වෙන ආකාරය.