ලෝකයේ විෂ අධිකම ගෙම්බන් විශේෂය ලෙස දැනට සොයාගෙන ඇති මෙම ගෙම්බන් කොලොම්බියාවේ වැසි වනාන්තරවලට ආවේණික උග්‍ර විෂ සහිත සත්ත්ව විශේෂයකි.
ඔවුන්ගේ තනි ස්පර්ශයකින් පවා ඔබව මරා දැමිය හැකි වන අතර එක් ගෙම්බෙකුගේ සමෙහි එක්වර මීයන් 20,000 ක් හා මිනිසුන් 10 සිට 15 දක්වා මරා දැමීමට තරම් ප්‍රමාණවත් විෂ අඩංගු වේ. මෙයට හේතුව ඔවුන්ගේ සමේ ග්‍රන්ථිවල නිපදවන මාරාන්තික ඇල්කලෝයිඩ් බැට්‍රචොටොක්සින් නම් විෂයි. විශේෂත්වය නම් මොවුන් ඉතාමත් අලංකාර සත්ත්වයන් විශේෂයකි.
එසේම මොවුන්ගේ ස්පර්ශයකින් මිනිත්තු 10 කට වඩා අඩු කාලයකදී මරණය සිදු වන බව ද සොයා ගෙන ඇත. නමුත් අද වන විට මොවුන් වද වී යාමේ තර්ජනයට ලක්වී ඇති සත්ත්වයන් විශේෂයකි.

