HEART ATTACK GRILL RESTAURANT ලෙස හඳුන්වන මෙම අවන්හල තුළ එයට පැමිණෙන ඕනෑම අයකුට හෘදයාබාධ ඇති කරවන සියලුම දේ අඩංගු වී තිබෙනවා.
ඉහළ කැලරි ප්‍රමාණයක් ඇති කෑමබීම මෙන්ම ඒවායේ නම් සහ මිල ගණන්ද ඒවා ගෙන එන සරාගී ළඳුන් ද මෙම අවන්හලට පැමිණෙන්නන්ගේ හදවත් නතර කිරීමට සමත් බව පැවසෙනවා.
මෙම අවන්හල රෝහලක ස්වභාවය ගන්නා අතර එහි සේවිකාවන් සරාගී හෙදියන් ලෙස සැරසී ලබා දෙන ආහාර පරිභෝගිකයා විසින් ලබා ගත යුත්තේ ඔවුන්ට ලබා දෙන රෝගීන්ගේ ඇඳුම් ඇඳගෙන වීමත් විශේෂත්වයක්.
කෑම ඉතිරි කරන රෝගීන් මෙන්ම වැරදි ලෙස හැසිරෙන රෝගීන්ද එම හෙදියන්ගේ තරවටු කිරීම්වලට ලක්වීමත් මෙම අපුරු අවන්හලේ විශේෂත්වයක්.
ඔයත් heart attack එකක් හදාගන්න ආසත😅💔


