මිනිසෙකුගේ ද්විතියික ලිංගික ලක්ෂණ සඳහා වගකිව යුතු හෝමෝන දෙකක් ඇත, එකක් පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් සහ කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් හෝමෝන වේ. මේ හෝමෝන දෙකම පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයේම ශරීර වල ඇති නමුත් පවතින මට්ටම් වෙනස් වේ. පිරිමින්ගේ ශරීරය තුළ ටෙස්ටොස්ටෙරෝන් ඉහළ මට්ටමක පවතින අතර එමඟින් රැවුල, මාංශ පේශී, උස, ගැඹුරු කටහඬ යන ලක්ෂණ ඇති වේ. කාන්තාවන්ගේ ශරීරය තුළ ඊස්ට්‍රජන් ඉහළ මට්ටමක පවතින අතර එමඟින් ඔවුන්ගේ ශරීරය පියයුරු ඇතුළත් වන ගැහැණු ළමයෙකුගේ පෙනුම සහ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වීම වැනි ලක්ෂණ ඇති කරයි.
කෝමහරි, ටෙස්ටොස්ටෙරෝන් ස්ත්‍රීන් තුළ ද ස්වල්ප වශයෙන් පවතී, ඒ නිසා කාන්තාවන්ගේ මුහුණේ රෝම ඇති නමුත් පිරිමින්ගේ තරම් ඝනව කලුපැහැයෙන් වර්ධනය නොවේ.
“දැනුමෙන් විශ්වය දකින්න… විස්මයෙන් ලෝකය හඳුනාගන්න.”

