zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

දෙවන ලෝක යුද සමයේ ගිලී ගිය ගුවන් යානයකින් සෙබළෙකුගේ අවශේෂ ගොඩ ගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.




දෙවන ලෝක යුද සමයේ මුහුදේ ගිලී ගිය එක්සත් ජනපද බෝම්බ හෙළුම් ගුවන් යානයක් තුළ පැවැති මිනිස් අවශේෂ ගොඩ ගැනීමට පුරාවිද්‍යා කිමිදුම්කරුවන් සමත් වී තිබෙනවා. මානවවිද්‍යාත්මක විශ්ලේෂණයකින් අනතුරුව ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශයට අයත් යුද සිරකරුවන් හා ක්‍රියාන්විතයේ දී අතුරුදන් සෙබළුන් පිළිබඳ විගණන ඒජන්සිය (Defense POW/MIA Accounting Agency) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම අවශේෂ එක්සත් ජනපද යුද හමුදා ගුවන් බලඝනයේ (U.S. Army Air Forces – USAAF) සේවය කළ අර්වින් ආර්. නියුමාන් නම් සාජන්ට්වරයාට අයත් බව තහවුරු කරගත් බවයි. මේ සඳහා මයිටොකොන්ඩ්‍රීය DNA පරීක්ෂණයක් සමග දන්ත විශ්ලේෂණයක් ද සිදු කර තිබෙනවා.

1943 වසරේ මැයි 06 වැනි දා නිව්මාන් ද ඇතුළු ව තවත් නව දෙනෙකු ගමන් ගත් B-24 Liberator ගුවන් යානය දක්ෂිණ ඉතාලියට ඉහළ දී කාර්මික දෝෂයකට ලක් වූ අතර ගුවන්යානා නාශක ප්‍රහාර මාලාවකට ද මුහුණ දී තිබුණා. යානය හදිසි ගොඩබැස්මක් සිදු කිරීමේ අටියෙන් මෝල්ටාව දෙසට පියාසර කරන්නට වූ නමුත් දූපත පෙනි පෙනී එහි එන්ජින් අක්‍රීය වී ගියා. ජලය මතට රළු හදිසි ගොඩබැස්මක් සිදු කරගැනීමට නියමුවා සමත් වූ අතර කාර්ය මණ්ඩලයේ වූ නව දෙනෙකු ම ජීවිත ගලවා ගත්තා. නමුත් නිව්මාන් සිට තිබුණේ ගුවන් යානා නාශක වෙඩි වැදීමෙන් තුවාල සහිත ව යි. පිටතට පැමිණි සෙබළුන් නිව්මාන් පිටතට ගැනීමට උත්සාහ කරත් ම යානය ඔහුත් සමගින් සාගරය තුළ ගිලී ගොස් තිබුණා. ඒ වන විට නිව්මාන් පසු වී තිබෙන්නේ 22 වන වියේයි.

B-24 Liberator යානයේ සුන්බුන් මෝලාටාවේ දකුණු මුහුදට කිලෝමීටර 1.6ක් ඔබ්බෙන් අඩි 190 ක් ගැඹුරෙහි තැන්පත් ව පවතිනවා. ඒ වෙත මුල් ම ගවේෂණය සිදු කෙරුණේ 2018 දී වුවත් නිව්මාන්ගේ අස්ථි කොටස් ඉකුත් ජුනි මාසය වන තෙක් ම ගොඩට ගෙන එනු ලැබුණේ නැහැ. මෙවර ඒ වෙත යන කිමිදුම්කරුවන්ට නායකත්වය සපයා තිබෙන්නේ මෝල්ටා විශ්වවිද්‍යාලයේ සාගර පුරාවිද්‍යාඥ ටිමී ගැම්බින් විසින්.

ඉදිරියේ දී දැනුම් දෙන දිනයක සහ ස්ථානයක දී නිව්මාන්ගේ අවශේෂ මිහිදන් කිරීමට නියමිත බවයි Defense POW/MIA Accounting Agency සඳහන් කරන්නේ.

Live Science සහ Defense POW/MIA Accounting Agency ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි




Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!