zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලූනා 25 කඩා වැටුණු තැන සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.




දෙසතියකට ඉහත දී කඩා වැටුණු රුසියානු චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම වන Luna – 25 නිසා හටගත් බවට විශ්වාස කෙරෙන කුඩා ආවාටයක් හඳුනා ගන්නට NASA ආයතනය සමත් වී තිබෙනවා. ඒ සඳ වටා කක්ෂගත ව පවතින Lunar Reconnaissance Orbiter (LRO) චන්ද්‍රිකාවේ ආධාරයෙන්.




රුසියානු අභ්‍යවකාශ නියෝජිත ආයතනය වන රොස්කොස්මොස් විසින් දියත් කරන ලද Luna – 25 සඳ මත කෙරෙන සුමට ගොඩ බැස්මක සිහිනය බොඳ කරමින් කඩා වැටුණේ ඉකුත් අගෝස්තු 19 දා යි. ඉන් චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩබට පළමු රාජ්‍යය වීමේ වරම රුසියාව කෙරෙන් ඉවත් වී ඉන්දීය චන්ද්‍රයාන් 3 මෙහෙයුමට හිමි වූයේ ඒ අනුවයි.

LRO විසින් Luna 25 සුසාන භූමිය සොයාගනු ලැබුණේ Roscosmos සපයා දුන් ගැටීම සිදු විණි යැ යි අනුමානනය කළ හැකි ප්‍රෙද්ශයට ඉහළින් ඇදී යන විටයි. අනතුරුව NASA හි LRO කණ්ඩායම එවිට ලබාගත් ඡායාරූප සහ 2022 වසරේ දී ගනු ලැබූ එම ප්‍රෙද්ශය ම දැක්වෙන ඡායාරූප කිහිපයක් සසඳා බැලුවා. එහි දී අලුතින් හටගත් සාපේක්ෂ ව දීප්තිමත් කුඩා ආවාටයක් හඳුනා ගන්නට ඔවුන් සමත් වුණා.

NASA ආයතනය ඉකුත් දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නව ආවාටය Luna 25 ඝට්ටනය වූ බවට සැක කෙරුණු ප්‍රෙද්ශයට ආසන්නව පැවතීම හේතුවෙන් එය අදාළ ස්ථානය ම බවට නිගමනය කළ බවයි.

මේ නව ආවාටය මීටර 10ක පමණ විෂ්කම්භයකින් යුක්ත වන අතර Pontécoulant G නම් චන්ද්‍ර ආවාටයට මෑතින් පිහිටා තිබෙනවා.

Space.com ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!