zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Samsung සමාගම 400MP Camera Sensor එකක් එළිදැක්වීමේ සූදානමක්..

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 




මේ වසර තුළ නිකුත් වු Premium Smartphones Seriesවලින් Samsung සමාගම විසින් නිකුත් කළ Galaxy S23 Series එකේ S23 Ultra Device එක සුවිශේෂී වන්නේ ඒ සඳහා හඳුන්වා දුන් 200MP Camera එක නිසා බව විශේෂයෙන්ම දැක්විය හැකියි. මින් ඉදිරියට යමින් මේ වන විට Samsung සමාගමේ විසින් එළඹෙන 2024 වසරේදී නව Camera Sensors තුනක් හඳුන්වා දීමට සුදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. 

ඒ අනුව ඔවුන් විසින් 50MP GN6 Camera Sensor එක, 200MP HP7 Camera Sensor එක සහ 440MP HU1 Camera Sensor එක මෙලෙස හඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරැ වාර්තා වන අතරම මේවාගෙන් 50MP GN6 Camera Sensor එක සඳහා 1.6um pixel size එකකුත් 200MP HP7 Camera sensor එක සඳහා 0.6um pixel size එකකුත් ලබා දෙනු ඇතැයි වැඩි දුරටත් දැක්විය හැක.
මේ Camera Sensors තුනේම Mass Production එළඹෙන වසර දෙවන කාර්තුවේදී සිදු කිරීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වුවත් මේ Camera Sensors කුමන Devices සඳහා භාවිත කරනු ඇතැයි ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වන්නේ නැත.

මින් 50MP ISOCELL GN6 Camera Sensor එක ISOCELL GN1 5 ISOCELL GN2 camera sensorsවල මිලඟ Versions විය හැකි අතරම එය ප්‍රමාණයෙන් විශාල 1.6um pixel size එකකින් යුතු වනවා. එනම් මෙය Samsung සමාගමේ විශාලතම සහ පළමු 1lnch Camera Sensor එක වනු ඇත.

මීට පෙර Galaxy S25 Ultra සඳහා 200MP HP7 Camera sensor එක ලබා දිමට Samsung සමාගම සුදානම්ව සිටියත් එහි පැවති විශාල නිෂ්පාදන වියදම නිසා එය අතහැර දැමීමට ඔවුන් කටයුතු කළ අතර මේ වන විට 320 MP Camera Sensor එකක් වැඩිදියුණු කරමින් සිටින බැවින් බොහෝ විට Galaxy S26 Ultra සඳහා එය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන්නට පුලුවනි.
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!