zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

kanamara matsuri" නමින් හැදින්වෙන ජපානයේ තිබෙන අරුම පුදුම උත්සවය..

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 




ජපානය  ගැන හොයන ඔයාලාට අද කියලා දෙන්නේ යන්නේ ජපානයේ හරිම වෙනස්  උත්සවයක්  ගැන...


💌ඉතිං මේ උත්සවය ගැන ගොඩක් වෙලාවට  ගොඩක් අය කතා කරන්නෙ නෑ. මොකද ලංකාවේ මිනිස්සුන්ට  සමහර  දේවල්  මැජික්   එකක් නිසා.. 😬


💌ජපානයේ වසන්ත කාලයත් සමගම  පැවැත්වෙන  මේ උත්සවය 

" kanamara matsuri" නමින්  හැදින්වෙනවා ..


💌මේ උත්සවය පැවැත්වීමට හේතුව  වෙන්නෙ 

 1.පහසු  දරු ප්‍රසුතියක් ,

2.විවාහ සමගිය,

3.ලිංගිකව  සම්ප්‍රේෂණය වෙන රෝග වලින් ආරක්ෂා වීම සදහායි.


💌මේ සදහා පුරුෂ ලිංගාන්ද්‍රයට තමයි ජපන් ජාතිකයෝ යාඥා කරනවා. 


😁( අන්න ඒක තමයි  ගොඩක් වෙලාවට  මේ උත්සවය  ගැන කතා නොකරන  හේතුව ...)



💌1969 දී තමයි මේ උත්සවය  මුලින් ම ජපානයේ ආරම්භ කරලා තියෙන්නේ... 


💌අද වෙනකොට සංචාරකයන් පවා මේ උත්සවය නැරඹීමට එනවා... 


💌පුරුෂ ලිංගාන්ද්‍රයේ (ලිංගයේ)

හැඩයෙන් නිර්මාණය කරන ලද තොප්පි ,රූකඩ ,ඇදුම් පැළඳුම් ,ලොලිපොප්  වර්ග ,වෙනත් රස කැවිලි (පැණි රස කෑම) ආහාර පාන ,සෙල්ලම් බඩු  ආදී බොහෝමයක්  දේවල් මේ උත්සවය සදහා සූදානම්  කරනවා ..





💌මේ උත්සවයට ආරම්භ වීමට පුරාවෘත  කතාවක් තියෙනවා... 


💌පුරාවෘතයට අනුව තියුණු දත් තිබෙන යක්ෂයෙක් ලස්සන තරුණියකට ආදරේන්  බැදිලා තියෙනවා ..🧟‍♂️❤️


💌ඒත්  ඒ යක්ෂයාට ඒ තරුණියක කැමති වෙලා නෑ.  


💌ඒ නිසා මේ යක්ෂයා  තරුණියගේ ආදරය දිනාගත්  තරුණයන්ට  ඊර්ෂ්‍යා කරලා තියෙනවා.  


💌ඒ වගේම මේ  යක්ෂයා තරුණියගේ යෝනී මාර්ගයේ  සැගවී ඉදලා තියෙනවා.. 


💌ඉතිං  මේ යක්ෂයා   ඈ සමග සිටින  සෑම පුරුෂයන්ගේම පුරුෂ ලිංගය සපා විනාශ කරලා දාලා තියෙනවා... 


 💌මේ නිසා කලබල වූ කාන්තාව  කම්මල්  කරුවෙකුගේ  උදවුවෙන් ‍යකඩයකින් පුරුෂ ලිංගාන්ද්‍රයක්  සාදාගෙන තියෙනවා . 


💌මේ නිසා යක්ෂයාගේ දත් කැඩී ගිහින්  තියෙනවා...  


💌ඉන් පසු කාන්තාව  සාමාන්‍ය ජීවිතයක් ගත කරලා තියෙනවා... 


💌ඉතිං යකඩයෙන්  සෑදූ ලිංගාන්ද්‍රයට වන්දනාමාන  කිරීමට Kanamara දේවස්ථානය නමින් දේවස්ථානයක් ඉදි කරලා තියෙනවා .. 


💌එදා ඉදන්  මේ kanamara matsuri උත්සවය සමරනවා ...


💌ඔන්න ඔය විදිහට තමයි 

මේ උත්සවය  ආරම්භ වෙලා තියෙන්නෙ .. 


 ඉතිං අඩු පිරිසක් තමයි මේ උත්සවය ගැන කතා කරන්නේ . සමහරු ලැජ්ජයි ..නැත්තම් බයයි. මං හිතන්නෙ මේක අරුම  පුදුම  festival එකක් නෙමෙයි . ජපානය ගැන හොයන කෙනෙක් නම් ඔයා අද අලුත්  දෙයක් ඉගෙන  ගන්න ඇති...

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!