zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

අදහාගත නොහැකි මිලකට අලෙවි වුණු ක්‍රිකට් සිහිවටන

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.





ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සමරු අත්සන් වගේ සිහිවටන ලබාගන්න එදත් අදත් ක්‍රීඩා ලෝලීන් ඉතාම කැමතියි. තවත් සමහර ක්‍රිකට් සමරු සිහිවටන තියනවා ඒවා ක්‍රීඩකයෙක්ගෙ අත්සනක් තරම් පහසුවකින් ගන්න පුළුවන් ඒවා නෙමෙයි. ක්‍රීඩාවට ඓතිහාසි​ක වටිනාකමකුත් සමහරවිට ගෑවිලා තියන මේ සමරු සිහිවටන ඩොලර් ලක්ෂ ගණන්වලට අලෙවි වෙනවා, වෙන්දේසි වෙනවා. අපි අද අපේ ලිපියට තෝරගත්තේ ​ඒ විදිහට ඉහළම මිලකට අලෙවි වුණු ක්‍රිකට් සිහිවටන කිහිපයක් ගැන තොරතුරුයි.



1. සචින් ටෙන්ඩුල්කාර්ගේ පිත්ත





ඉන්දියාවෙ ක්‍රිකට් ලෝලීන් විසින් දේවත්වයෙන් සළකන චරිතයක් තමයි සචින් කියන්නෙ. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා, එක්දින ලකුණු ලාභියා, ටෙස්ට් සහ එක්දින වැඩිම ශතක ලාභියා ඇතුළු වාර්තා රැසක් සචින්ගේ පිත්තෙන් බිහිවෙලා තියනවා. 2009 වසරේදී සචින් නවසීලන්තයට එරෙහිව එක්දින තරගයකදී නොදැවී ලකුණු 163ක් ලබා ගන්නවා. ඒ​ක සචින්ගේ එක්දින දිවියෙ සිවුවැනියට ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වෙනවා. මේ පිත්ත 2010 අවුරුද්දේ දී බ්‍රිතාන්‍ය පවුම් 58,000ක මුදලකට (ඉන්දීය රුපියල් ලක්ෂ 42කට) වෙන්දේසි වෙනවා. ඉන්දියාවෙ අනාථ දරුවන් සඳහා වන අරමුදලකට තමයි ​ඒ මුදල බැර වෙන්නේ.



2. විස්ඩන් සඟරා එකතුව







ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය හැටියට තමයි විස්ඩන් සඟරාව හඳුන්වනු ලබන්නේ. ​ඒ විතරක් නෙමෙයි, ලෝක ඉතිහාසයේ ක්‍රීඩා සඟරා අතරිනුත් විස්ඩන් සඟරාවට හිමි වෙන්නේ ඉහළම තැනක්. 1864 අවුරුද්දේදී එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ ජෝන් විස්ඩන් විසින් ඇරඹූ මේ සඟරාවේ 1864 සිට 2007 වසර දක්වා වූ සඟරා 144ක එකතුවක් 2008 වසරේදී වෙන්දේසි කරනු ලබනවා. එය බ්‍රිතාන්‍ය පවුම් 84,000ක මුදලකට තමයි අලෙවි වෙන්නේ.



3. මහේන්ද්‍ර සිං ධෝනිගේ පිත්ත





ලංකා‌වේ අපිව රිදවපු පිත්තක් ගැනයි මේ කියන්නේ. ​ඒ තමයි 2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ජයග්‍රහණය අපෙන් ඈත් කරමින් මහේන්ද්‍ර සිං ධෝනි නොදැවී ලකුණු 91ක් රැස් කරපු පිත්ත. මේ පිත්ත 2011 වසරේදීම බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂයක ඉහළ මුදලකට ලන්ඩනයේදී වෙන්දේසි වෙනවා. දිළිඳු දරුවන්ට පිහිටවීම ඇතුළු සමාජ සේවා සද්කාර්යයන් සඳහා මහේන්ද්‍ර සිං ධෝනිගේ බිරිඳ විසින් පවත්වාගෙන යනු ලබන “සාක්ෂි” නම් අරමුදලට තමයි ​ඒ මුදල් බැර වෙන්නේ. RK Global Shares & Securities නම් ඉන්දියානු සමාගමක් තමයි ධෝනිගේ පිත්ත ‍තමන් සතු කරගන්නේ.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
2 comments

2 comments

What is your opinion on this article?
  • Anonymous
    Anonymous
    August 30, 2023 at 10:28 PM
    Adoo maruu ban
    Reply
  • Anonymous
    Anonymous
    August 30, 2023 at 10:27 PM
    Wow
    Reply
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!