අතිදක්ෂ රණශූරයෙකු වූ ජුලියස් සීසර් රෝමය පාලනය කළ ශ්‍රේෂ්ඨතම අධිරාජයා බව ඉතිහාසයේ සදහන් වේ. නමුත් ජුලියස් සීසර් ගෙන ගියේ ඒකාධිපති පාලනයක් බැවින් රෝම සෙනෙට් සභා සාමාජිකයින් මොහු කෙරෙහි වැඩි ඇල්මක් දැක්වූයේ නැත. එබැවින් මොවුන් කුමන්ත්‍රණය කර සීසර් මරා දැමීමට සැලසුම් කළහ. ඒ සඳහා ඔහුගේ හොදම මිත්‍රයා වූ බෲටස් නම් තැනැත්තාද සහයෝගය ලබාදී ඇත.
කෙසේ හෝ කුමන්ත්‍රණය අනුව සභාව රැස් වූ දිනක සෙනෙට් සභික සමාජිකයින් 23 දෙනෙකුගේ පිහි ඇනුම් 23 කට ජුලියස් සීසර් ලක් වූ අතර සීසර් ඉන් පිහි ඇනුම් 22 ක්ම සාර්තකව මැඩ ගන්නා ලදී. නමුත් අවසන් පිහි ඇනුම තම හොදම මිත්‍රයාගෙන් බව දුටු සීසර් ''බෲටස් ඔබත්?? එහෙනම් සීසර් මැරිච්චාවේ " යනුවෙන් පැවසූ අතර එම පිහි පහර ඔහු වළක්වා නොගෙන බෲටස් ගේ අරමුණ ඉටු කර ගැනීමට ඉඩ ලබා දුන්නේය.
ඔහු ඝාතනය වූ දා රාත්‍රී අහසේ වල්ගා තරුවක් දිස් වී ඇති අතර එමගින් ඔහු අමරණීයත්වයට පත් දෙවි කෙනෙකු වී ඇතැයි රෝම වැසියන් විශ්වාස කරන ලදි.

