වයිකිං යනු 8 වැනි සියවසේ අග භාගයේ සිට 11 වැනි සියවසේ අගභාගය දක්වා යුරෝපයේ විවිධ ප්‍රදේශ පුරා වැටලීම්, කොල්ලකෑම් සිදුකර ඇති ස්කැන්ඩිනේවියාවේ (වර්තමාන ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනය) මුහුදු මාර්ග වල වෙළදාමේ යෙදුනු මිනිසුන්ට ලබා දී ඇති නවීන නාමයයි.
අතීතයේ සිටම මෙම වයිකිං මිනිසුන් පිලිබදව බොහෝ මුලාශ්‍ර වල සදහන් වේ. මොවුන් එකල යුරෝපයේ පුළුල් ප්‍රදේශ වටලා යටත් විජිත කළ අතර බොහෝ දෙනා පවසන්නේ මොවුන් සාමාන්‍යය ජනතාවට වඩා ශක්තිමත් රණශූරයන් ලෙස ප්‍රසිද්ධව සිට ඇති බවයි.
බොහෝ මුලාශ්‍ර වල සදහන් වන්නේ මොවුන් ඉතා දරුණු මිනිසුන් බවයි. එසේම මෙම වයිකිං මිනිසුන් ඔවුන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වූ අතර, ඔවුන්ගේ දරුණු පෙනුම පවත්වා ගැනීම සදහා වේශ නිරූපණය පවා (මේකප් කිරීම) ඔවුන්ගේ දෛනික චර්යාවේ කොටසක් බවට පත් කරගෙන ඇත.
වයිකිං මිනිසුන් ද මුහුදු කොල්ලකරුවන් වර්ගයක් වුවද ඔවුන් මුහුදු කොල්ලකරුවන් මෙන් වැටලීම් සඳහා හිතුවක්කාර ලෙස වර්ධනය නොවූ අතර ගොඩබිම් වෙළඳාම සහ යුද්ධ සඳහා වැඩි වශයෙන් අවධානය යොමු කර ඇත.
Vikings TV Series එක බලලා තියෙන අය කෝ...

