චන්ද්‍රයාන් 3 සාර්ථකයි
‘වික්‍රම්’ ලෑන්ඩර මොඩියුලය සහ ‘ප්‍රාග්යාන්’ චන්ද්‍ර රෝවරය රැගත් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) චන්ද්‍රයාන් 3 සාර්ථක ලෙස සෙඳෙහි දක්ෂණ ධ්‍රැවය ආසන්නයට සුමට ගොඩබැසීමක් වාර්තා කළා. ඒ චන්ද්‍රයාගේ දක්ෂණ ධ්‍රැවය ආසන්නයට සුමට ගොඩ බැස්මක් සිදු කළ පළමු වැනි රට බවට ඉන්දියාව පත් කරමින්. එසේ ම සඳ මතට සුමට ගොඩබැස්මක් කළ සිව් වැනි රට බවට ද ඉන්දියාව නිරායාසයෙන් ම පත් වුණා.
ISRO විද්‍යාඥයන්ට සිය සුබ පැතුම් එක් කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ ‘ඉන්දියාවේ සාර්ථක සඳ ගමන ඉන්දියාව වෙනුවෙන් පමණක් නො වන’ බවයි. එය සමස්ත මානව වර්ගයා ලැබූ ජයක් බවයි. එය වෙනත් රටවල අනාගත චන්ද්‍ර මෙහෙයුම් සඳහා ද රුකුලක් වනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
NASA ආයතනයේ ප්‍රධානී Bill Nelson ද සිය X හැඬලය ඔස්සේ ඉන්දියාව ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එක් කර තිබෙනවා.
සෞන්දර්ය සෙනරත්
-Copied from Vidusara-
Article credits goes to original owners

