zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

​කුණ්ඩලීනිය පිලිබඳව හැඳින්වීමක්...⚛

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 



වර්තමාන සමාජයේ කුණ්ඩලීනි යෝග පිළිබඳව බොහෝ සෙයින් කථා බහට ලක් වී තිබේ. එනමුදු නිශ්චිත මතයක් නොමැති අතර විවිධ පුද්ගලයන් විවිධ මත දරයි. බොහෝ දෙනා විශ්ව ශක්තිය පිළිබඳව කතා කරත් විශ්ව ශක්තියේ සැබෑ අරුත මද පමණින් හෝ දන්නේ අතලොස්සකි.  කුණ්ඩලිණිය හා යෝග විද්‍යාව සැවොම දන්නා එහෙත් කිසිවකුත් සර්ව සම්පූර්ණව තේරුම් නොගත් රහසකි. මෙයට හේතුව නම් කුන්ඩලීනි ශක්තිය ඔබ ගේ සියලු අත්දැකීම් වල මූලය වීමයි. සෑම පුද්ගලයෙකු තුළම අන්තර්ගත වූ ශක්තියයි. පහසු දෙයක් යැයි බැලූ බැල්මට හැඟුණ ද කුණ්ඩලිණිය අවධි කිරීම අතිශය අසීරු කටයුත්තකි. අතිශය විරල සිදුවීමකි. එයට සංසාරගත ශක්තිය ඉතාමත් අවශ්‍ය ය.

මමත්වය  පදනම් කරගත් මිනිසා සියල්ල ලෞකික වශයෙන් දකින්නේ ය. එහෙත් කුණ්ඩලිනී අවධි වූ විට ඔහුගේ මනස ආධ්‍යාත්මික දෙසට හැරී ලෞකිකත්වය පිළිබඳ පැවති විශ්වාසය බිඳෙයි. අහංකාරය විසින් ඔබගේ වර්තමානය සකසනු ලබන්නා සේම ඔබව වර්තමානයෙහි තබයි. කුණ්ඩලීණිය ඔබේ අනාගතය සකසයි. ඔබව අනාගතය වෙත ගෙනයයි. කුණ්ඩලීණිය පිළිබඳව පුදගලයන් විවිධ මතිමතාන්තර දරයි. ඇතැමුන්ට හරිහැටි අවබෝධයක් නොවන හේතුවෙන් කුණ්ඩලීණියේ සැබැ තත්වය ප්‍රතික්ෂේප කරමින් අන් විකුර්ති වූ මතිමතාන්තර දරයි. සුදුසු වන්නේ එක් එක් අදහස් සසඳමින් අවබෝධ කර ගැනීම මිස විවේචනය කිරිම නොවේ.

කුණ්ඩලීනී ශක්තිය සෑම පුද්ගලයකු තුළම සැඟවී ඇති ශක්තියකි එය අවදි කිරීමේ විවිධ ක්‍රම පවතී. අහඹු හෝ සිතාගත නොහැකි ලෙස කුණ්ඩලීනී ශක්තිය අවදි වූ අවස්ථා නැත්තේද නැත. කුණ්ඩලීනිය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඔබට මුණගැසෙන වදන් රාශියක් තිබේ. චක්‍ර නාඩි හා ශක්ති ඒ අතරින් මූලික වේ. ඒ මොනවා දැයි ඊළඟ ලිපියෙන් දැනගමු


Shared by
- 𝙎𝙠𝙚𝙩𝙘𝙝
&
𝙏𝙝𝙞𝙯𝙝𝙖

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!