Loading..

ඉවත දමන දෙළුම් පොතු මෙච්චර වටිනවා කියලා දැනන් සිටියාද?


 



දෙළුම් යනු ඉතාමත් ගුණදායී පලතුරක් බව ලොව බොහෝ දෙනා දන්නා කරුණක්.

විශේෂයෙන් මරණාසන්න රෝගීන් ඇතුළු, පෝෂණය අවැසි බොහෝ දෙනා වෙත එම පෝෂණය  ලබා දෙන ප්‍රධානත ම පලතුරක් ලෙස දෙළුම් හඳුන්වන්නට පිළිවන්.

බොහෝ දෙනෙක් මෙහි රසවත් වූ මදය ආහාරයට ගන්නේ උක්ත ගුණදායී බව නිසා පමණක් නොවේ. එහි මධුර රසය නිසා යි. එසේ ආහාරය ගැනීමෙන් පසුව, එහි පොත්ත ඉවත දමන්නට අප පුරුදු වී සිටිනවා.

කෙසේ නමුත් ඔබ ඒ ඉවත දමන්නේ දෙළුම් ගෙඩියෙහි මදය මෙන්ම ගුණවත්, නිධානයක් බඳු යමක් බැව් ඔබ දැන සිටියා ද?🫵




දෙළුම් පොත්තෙහි ඉතා සුවිශේෂී සංඝටක රාශියක් තිබෙනවා. මේවා සෞඛ්‍යමය ගුණ රාශියක් මිනිසුන්ට ලබා දෙනවා.

මේ නිසා මෙය කුඩක් ලෙස සකසා ලොව බොහෝ රටවල ආයුර්වේද කටයුතු, රූපලාවන්‍ය කටයුතු මෙන් ම පානයක් ලෙස ද ජලය සමඟ මුසු කොට භාවිතයට ගැනෙනවා.දෙළුම් පොත්තෙන් ලැබෙන වාසි රැසක් තියෙනවා
 
1)සමේ යහපැවැත්මට

2)රෝගවලට ඇති අවදානම අඩු කිරීම

3)බැක්ටීරියා මර්දනයට

4)මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට

5)දන්ත සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට

6)පිළිකා නැසුමට

දෙළුම් ගණන් නේද දැන් 🥲


උපුටාගැනීමකි 
Previous Next

Top Post Ad


නවතම ලිපි...