ලොව මෙතෙක් වාර්තා වූ ධනවත්ම යාචකයා ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා.ඉන්දියාවේ මුම්බායිහි පදිංචි මොහුගේ නම භාරත් ජේන්.
මොහුගේ වත්කම ඉන්දීය රුපියල් කෝටි 7.5ක් වනවා.එය ශ්‍රී ලංකා මුදලින් ගණනය කළහොත් රුපියල් කෝටි 28ක් වනවා.මොහුගේ මාසික ආදායම ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ දෙකක් වෙනවා.මොහුගේ දෛනික ආදායම ඉන්දීය රුපියල් 2500ක් පමණ වන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
මීට අමතරව ඔහු සතුව ඉන්දියානු කෝටි දෙකක් වටිනා මහල් නිවසක්ද,මසකට ඉන්දියානු රුපියල් 30,000 බැගින් කුලී ගෙවන ව්‍යාපාරික ස්ථාන දෙකක්ද තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
මෙපමණ වත්කමක් දැරුවද ඔහු තවමත් දිනකට පැය 10-12ක් පමණ සිඟමන් යදින බවටයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වෙන්නේ.
“දැනුමෙන් විශ්වය දකින්න… විස්මයෙන් ලෝකය හඳුනාගන්න.”

