ප්‍රයිමේටාවන් අතුරින් විශාලතමයා වන වැඩුණු ගෝරිල්ලාවන් සමාන්‍යයෙන් චිම්පන්සින්ට වඩා ශක්තියෙන්, ප්‍රමාණයෙන්, ස්කන්ධයෙන් හා උසින් වැඩිය. නමුත් ගෝරිල්ලාවන්, චිම්පන්සින්ට වඩා ආවේගශීලිත්වයෙන් අඩුය. චිම්පන්සින් හට සාපේක්ෂව වැඩි බුද්ධියක් පවතින අතර ආවේගශීලි වුවහොත් සතුරාට තම රැල සමඟ එකතු වී මාරාන්තික ප්‍රහාර එල්ල කල හැකිය. සාමාන්‍යයෙන් වැඩුණු පිරිමි චිම්පන්සීයෙකු උසින් මීටර් 1-1.7 ක් පමණද ස්කන්ධයෙන් 32-60kg ක් පමණද වේ. වැඩුණු පිරිමි ගෝරිල්ලාවෙකු උසින් මීටර 1.8ක් පමණ වන අතර ස්කන්ධයෙන් 136-195kg ක් පමණ වේ. වැඩුණු පිරිමි ගෝරිල්ලාවෙකු දෑත් විහිදු පසු දෑත් අතර දිග මීටර 2.1-2.4ක් පමණ වේ.
චිම්පන්සින් කෙතරම් ආවේගශීලී දැයි කිවහොත් වර්ශ 1974 සිට 1978 වර්ශය තෙක් Tanzania වේ Gombe national park හි වාසය කරන ලද communities දෙකකට අයිත් චිම්පන්සින් අතර චිම්පන්සී යුද්ධයක් ඇති වී තිබෙන අතර එය කෙළවර වී ඇත්තේ එක් චිම්පන්සි රැලක් විසින් අනිත් රැලේ පිරිමි සතුන්ව සම්පූර්ණයෙන්ම ඝාතනය කල පසුවය. නමුත් ගෝරිල්ලන් එසේ නොවේ. ගෝරිල්ලන් ශාක භක්ශක වුවත්, චිම්පන්සීන් සර්ව භක්ශකය. චීම්පන්සීන් විසින් කුඩා වඳුරන්, ලේනුන් සහ තවත් කුඩා ප්‍රමාණයේ සතුන්ව ඝාතනය කොට ආහාරයට ගනී. චීම්පන්සී රැලක සාමාන්‍යයෙන් සාමාජිකයින් 15-120ත් අතර ප්‍රමාණයක් සිටිය හැකි අතර, ගෝරිල්ලා රැලක සිටිනුයේ සාමාජිකයින් 5-15ත් අතර ප්‍රමාණයකි.
යම් හෙයකින් චිම්පන්සීන් සහ ගෝරිල්ලාවන් ගැටුමක් ඇති කරගතහොත් ජයග්‍රහණය කරනුයේ කවුරුදැයි යමෙකු විමසුවහොත් එයට පිළිතුර විය යුත්තේ ගොරිල්ලාවන් ය. චීම්පන්සීන්, ගෝරිල්ලාවන් සමඟ සාමාන්‍යයෙන් ගැටුම් ඇති කරනොගනි. චිම්පන්සීන් වැඩුණු මිනිසෙකුට සාපේක්ශව 5 ගුණයක් පමණ ශක්තිමත් වුවත්, ගෝරිල්ලාවන් වැඩුණු මිනිසෙකුට වඩා 20 ගුණයකට වඩා ශක්තිමත් විය හැකිය. යම් හෙයකින් චිම්පන්සීන් වෙසෙන ප්‍රදේශයකට ගෝරිල්ලාවන් පැමිණියහොත් චිම්පන්සීන්, ගෝරිල්ලාවන් සමඟ ගැටුම් ඇති කරනොගනිමින් එම ප්‍රදේශයෙන් ඉවත්ව යයි. අන්තර්ජාලයේ පලවු වර්තාවකට අනුව නම් සාමාජිකයින් 27ක් පමණ වූ චිම්පන්සීන් සමුහයක් දිනක් ගෝරිල්ලාවන් 5 දෙනෙකුට පහර දෙන ලදී. එය කෙළවර වී ඇත්තේ ගෝරිල්ලාවන් ඉදිරියේ චිම්පන්සීන් හට පලා යෑමට සිදු වෙමිනි.
කෙසේ වුවද චිම්පන්සීන් සහ ගෝරිල්ලාවන් දෙවර්ගයම ආවේගශිලී නොවන තාක් කල් මිනිසුන් සමඟ සාමකාමීව කටයුතු කරලීමට හැකියාවක් දරයි.
(චිම්පන්සී පැටියා ඒ සිගරට් එකක් නෙමෙයි කටේ තියාගෙන ඉන්නේ හොදේ. )

