1. ඕනෑම දෙයක් කිරීමට ප්‍රථමයෙන් ආරක්ෂාව ගැන සැලකිල්මත් වෙන එක සාමාන්‍ය දෙයක්නෙ. ඒක ඔබගේ ලිංගික එක්වීමේදීත් අදාලයි ,ආරක්ෂාව ප්‍රථමයෙන්.. ඇත්තම කතා කලොත් අපිට 100% ආරක්ෂාකාරී ලිංගික එක් වීමක් බලාපොරොත්තු විය නොහැකිය. නමුත් සැලකිලිමත් විය යුතු කරුණුත් තිඛෙනවා. පළමුව ඔබට දරු ගැබක් අවශ්‍ය නොවේ නම් ඔබ සැලකිල්මත් විය යුතුයි පිරිමි තැනැත්තා ලිංගික ආවරණයක් (කොන්ඩමයක්) පැළඳ සිටිනවා යන්න (ඔබ උපත් පාලන පෙති ලබා ගෙන ඇති විටදී පවා).
2. ඔබ එම පුද්ගලයා සමග ඔහුගේ ලිංගික ඉතිහාසය පිළිබද කතා කිරීමටත් එය පිළිබද නිසි අවබෝධයෙන් සිටීමටත් වග බලා ගැනීම අනිවාර්ය වේ. මෙයින් පෙනී යන්නේ එම පුද්ගලයා ඉතාමත් විශ්වාසවන්ත පුද්ගලයකු විය යුතු බවයි. මෙය සමහරවිට ඉතා අපහසු දෙයක් කියල ඔබට සිතෙන්න පුළුවන්. නමුත් ඔබ දැන ගත යුතු කරුණක් තියෙනව .එනම්, විෂමලිංගික කාන්තවන්ට ,පුරුෂයන්ට වඩා ලිංගාශ්‍රිතව බෝවන රෝග ( ලිංගිකව අසාදනය වන රෝග ) වැලදීමේ වැඩි අවදානමක් පවතින බව. ඉතින් ඒ නිසා ඔබගේ ලිංගික සෞඛ්‍ය නිසියාකාරව පවත්වාගෙන යාමට වගකීමත් තිඛෙන්නෙ ඔබේ අතේ.
3. ඉහල බලාපොරොත්තු මුලින්ම ඇති කර ගන්නත් එපා. මොකද ලිංගිකත්වය කියන්නෙ පුද්ගලයන් දෙදෙනෙකු හදුනා ගැනීම සහ ඔවුන් දෙදෙනාගේ ශරීර අතර සුවපහසු සබදතා පැවැත්වීමයි. කෙට්යෙන්ම කීවොත් එක පුද්ගලයෙක්ගේ ශරීරයක ඇසුරට විශේෂයෙන් කැමති වීම. ඉතින් මනසේ පීඩනයක් හදා ගන්න එපා මෙය ඔබගේ හොදම රාත්‍රිය (ලිංගික එක් වීම) කරගන්න ඕන කියලා. මොකද මෙය ඔබේ පටන්ගැන්ම පමණයි. එනම් අවස්ථා ගොඩකින් පළමු අවස්ථාවයි. ඉතින් දෙදෙනා ඉතා හොදින් හදුනා ගැනීම තමයි ගොඩක් වෙලාවට වෙන්නෙ මුලින්ම වෙන්නේ.
4. ලිංගිකව එක් වීමේදී හොදින් හුස්ම ගත යුතයි. මොකද ඔබේ පළමු ලිංගික ඇසුර ඉතා නොසන්සුන්කාරී හා ස්නායු-බිඳීමට ලක් විය හැක, සදහන් කරන්න තරම් දෙයක් නොවුනත් තරමක වේදනාවක් දැනිමටත් හැකිය. දිගු, ගැබුරු හුස්ම ගැනීම තුලින් ඔබව ලිහිල් කිරීමටත්, ඔබට පහසුවක් දැනිමටත් හැකියාව ඇත.
5. හාදු බුක්ති විදීමටත් අමතක කරන්න එපා. මොකද ඒ සංසර්ගයේදී, සිප ගැනීම, ස්පර්ශ කිරීම, මුඛ සංසර්ගය - යන මේවත් ලිංගික අත්දැකිමේම කොටස් වෙන නිසා. සිප ගැනීම නිසා ලිංගිකත්වයට අමතරව ආදරය පිළිබඳ හැඟීම් මනසේ ජනිත වේ.
6. නිතරම ඔහුත් සමග කතා කරන්න. ඔහුට කියන්න ඔහු එවෙලේ කළ හොඳ දේවල් හා ඒවා ඔබට දැනෙන විදිය. ඒ වගේම ඔබට නොදැනුන දේත් ඔහුට දැනුම් දෙන්න. මොකද පිරිමි කෙනා හැම විටම කැමති ඔඛෙන් ලැඛෙන ප්‍රතිචාර වලට. ඒ නිසා ඒ පිළිබද ඔහුත් සමග කතා කිරීමට ලැජ්ජා වෙන්න එපා.
මෙහි සදහන් දේට අමතරව ඉතා විශාල කරුණු
රාශියක් තිඛෙනවා මේ සම්බන්ධව ඔබ දැනගත
යුතු. ඔබට ඉතා හොද සබඳතාවයක් පවත්වා
ගැනීමට ලිංගිකත්වයට අමතරව ආරක්ෂාව,
ආදරය, පිරිසිදුකම, අදහස් තේරුම් ගැනීම වගේ
සාධකත් බලපානවා...❤️

