හෘද පිළිකා යනු හෘදයේ ප්‍රාථමික පිළිකා සහ හෘදයේ ද්විතියික පිළිකා ලෙස බෙදී ඇති අතිශය දුර්ලභ පිළිකා වර්ගයකි. බොහෝවිට හෘද පිළිකා ආරම්භ වන්නේ මයික්සෝමා, ෆයිබ්‍රෝමා, රබ්ඩෝමියෝමා සහ හමාටෝමා යන ගැට වලිනි. වියානා වෛද්‍ය විශ්ව විද්‍යාලයේ රෝහලේ සිදු කරන ලද අධ්‍යයනයකදී වසර 15ක කාලයක් තුළ ප්‍රාථමික හෘද පිළිකා රෝගීන් 113ක් හඳුනාගෙන ඇති අතර ඉන් 11ක් මාරාන්තික විය. අවසාන රෝගීන් කාණ්ඩයේ සාමාන්‍ය පැවැත්ම මාස 26.2 ± 9.8 ක් බව සොයා ගන්නා ලදී. කෙසේ නමුත් හෘද සෛල, ජීවිතයේ මුල් අවධියේදීම විභාජනය (බෙදීම) නවත්වන බැවින් හෘද පිළිකා ඉතා දුර්ලභ ය.