ස්මාර්ට් ලෝකයක් ලෝකය වෙත පියනගන මොහොතක ලාංකික සමාජය තුළට තවමත් ‘උපත් පාලන කොපුවක්’ අබින්, කුඩු හෝ ගංජා වැනිය. සරලව ගෙනහැර දැක්වුවහොත් මෙය මුළු ලෝකයේම භාවිත කරන දරුවන් පිළිසිඳ ගැනීම හා ලිංගික රෝග මගහරවා ගැනීමට 98% ක් ම යෝග්‍ය යැයි වෛද්‍යවරුන් විසින් තහවුරු කරනලද උපකරණයකි. ඉතිහාසයට දිවගියහොත් මිසර හා රෝම ශිෂ්ඨාචාර වලද උපත් පාලන කොපු භාවිතාව පිළිබඳව සාක්ෂි හමු වේ.
නටඹුන් සොයා යාම අනවශ්‍ය කාරණාවක් බැවින් අපි අප ගැන සොයා බැලුවහොත් ලංකාවේ ජනගහනය උපත් පාලන කොපු භාවිතයට ගෙන වසර 60 පමණ වන බව වාර්තා වල සඳහන් වේ. 1953 දී කොළඹ ද සොයිසා මාතෘ රෝහලේදී රටේ පළමු සැලසුම් ඒකකය විවෘත විය. මීට සමගාමීව දිවයින පුරා පවුල් සැලසුම් සේවා සපයන රාජ්‍ය නොවන සංවිධානයන් ද ආරම්භ විය. පසුකාලීනව 1965 දී සෞඛය අමාත්‍යංශය විසින් පවුල් සැලසුම් උපකරණ මාතෘ හා ළමා සැලසුම් සේවා අතරට එක් කරන ලදී. ඒ අනුව උපත් පාලන උපකරණ,
• පවුල් සැලසුම් ආයතන
• පවුල් සෞඛ්‍ය සේවිකාවන්
• සුපිරි වෙළඳසැල්, සිල්ලර කඩ හා ෆාමසි වලින් ලබාගත හැකි විය.
එපමණක් නොව තාක්ෂණය දියුණු වීමත් සමඟ මෙම උපත් පාලන කොපු ලබාගත හැකි ජංගම උපකරණද සවිකොට ඇත. අප රටේ නැතත් ලොව බොහෝ විශ්වවිද්‍යාල වලද උපත් පාලන කොපු ලබා ගත හැකි Condom Vending Machine ද ඇත.
ලොව පුරා HIV/ඒඩ්ස් රෝගය පැතිර යාමත් සමඟම මෙම උපත් පාලන කොපු වලට ඇති වටිනාකම දහස් ගණනකින් වැඩි වූ අතර 1987 සිට මේ දක්වා කාලසීමාව තුල ශ්‍රී ලංකාව තුළ කොන්ඩම් භාවිතය ඉහල වර්ධනයක් ළඟා කරගෙන ඇත. 2015 අංක 5 දරණ ජාතික වෛද්‍ය නියාමන පනත යටතේ මෙය අත්‍යවශ්‍ය ඖෂධයක් ලෙස නම්කර ඇති අතර රජය විසින් මෙය මුළුමනින්ම නිත්‍යානුකුල කර ඇත.
“දැනුමෙන් විශ්වය දකින්න… විස්මයෙන් ලෝකය හඳුනාගන්න.”

